COVID 19 update 21 Dec: ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ලබාදෙන කාලපරතරය අඩු කිරීමට යළි අවධානය

2021 දෙසැම්බර් 21 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

eople are seen at a Cohealth pop-up vaccination clinic at the State Library Victoria

States say they will utilise the extraordinary cabinet meeting to urge Commonwealth to shorten booster time intervals. Source: AAP

Highlights

  • ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදන මධ්‍යයේ ජාතික කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බැවින් බූස්ටර් එන්නත ලබාගැනීමට හැකි කාල පරතරය වෙනස් කිරීමට ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම සලකා බලන බව අගමැති Scott Morrison පවසයි.
  • නව කොවිඩ් ආසාදනවලට එරෙහිව සටන් කිරීම සඳහා බූස්ටර් එන්නත ලබාගැනීමට හැකි කාල පරතරය කෙටි කරන ලෙස ඇතැම් ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත නායකයෝ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලති.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාර්තාගත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවීමත් සමග ආශ්‍රිතයින්ට අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස NSW Health ඉල්ලා සිටියි.
  • Omicron කොවිඩ් ප්‍රභේදය තම ප්‍රාන්තයේ ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදයක් බවට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය නම් කරයි.
  • දෙසැම්බර් 22 සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ආශ්‍රිතයින් දින 14 ක් වෙනුවට  දින 7 ක් පමණක් නිරෝධායනය විය යුතු බව ක්වීන්ස්ලන්තය පවසයි.
  • තම ප්‍රාන්තයට පැමිණීමට පැය 72කට පෙර COVID-19 සඳහා සෘණාත්මක බව පරීක්‍ෂා කළ යුතු බවට නියම කෙරුණු කොවිඩ් පරීක්ෂණය අන්තර් ප්‍රාන්ත සංචාරකයින් සඳහා ඉවත් කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පියවර ගෙන තිබේ.
  • Omicron බිය මධ්‍යයේ නවසීලන්තය යළි විවෘත කිරීමේ සැලසුම ලබන පෙබරවාරි දක්වා ප්‍රමාද කරයි.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,245 ක් සමග කොවිඩ් මරණ 6ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 3,057 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 2ක් වාර්තා වේ.
  • දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 154 ක් හමුවී තිබේ.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 86 ක් ද ACT වෙතින් 16 ක්ද වාර්තා වේ.
  • එමෙන්ම ටස්මෙනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 4ක් ද සහ Northern Territory වෙතින් ආසාදිතයින් 14 ක්ද හමුවී තිබේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now