COVID 19 update 08 Sep: ඔස්ට්‍රේලියාව COVID සහ flu යන දෙකම හඳුනා ගන්නා Rapid Antigen පරීක්ෂණ අනුමත කරයි

2022 සැප්තැම්බර් 08 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

VICTORIA CORONAVIRUS COVID19

A students receives a COVID-19 Rapid Antigen Test (RAT) in Melbourne. (file) Source: AAP / JAMES ROSS/AAPIMAGE

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 84 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 25 ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 24 ක්ද, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 11 ක්ද ඊට ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක භාණ්ඩ අධිකාරිය TouchBio SARS-CoV-2 & FLU A/B Antigen Combo Test සහ Fanttest COVID-19/Influenza A&B Antigen පරීක්ෂණ කට්ටලය අනුමත කර ඇත.

නාසය ආශ්‍රිතව කළ හැකි මෙම ස්වයං පරීක්ෂණ මගින් COVID-19 සහ ඉන්ෆ්ලුවෙන්සා වයිරස් ද්විත්වයම හඳුනාගත හැකිය.

ඉන්ෆ්ලුවෙන්සා A සහ B පවතින බව දැක්වීමට අමතර රේඛාවක් ඒවායේ දක්වයි.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

නිව් සවුත් වේල්ස්, බටහිර ඔස්ට්‍රේලියා, ටස්මේනියා ප්‍රාන්ත මෙන්ම ACT හා Northern Territory හෙට (සැප්තැම්බර් 09) දිනයෙන් පසුව දෛනික COVID වාර්තා සහ සංඛ්‍යාලේඛන ලබා නොදේ.

ඒ වෙනුවට, ඔවුන් සැප්තැම්බර් 16 සිට සතිපතා වාර්තාවක් නිකුත් කරනු ඇත. මේ මස මුලදී පැවති ප්‍රාන්ත සහ ටෙරිටරි සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඉන්දියාව සහ චීනය COVID-19 එන්නත් කිරීම සඳහා ඉඳිකටු රහිත විකල්ප අනුමත කර ඇත.

එන්නත් නොකළ පුද්ගලයින් සඳහා Bharat Biotech හි නාසය ආශ්‍රිතව එන්නත් ක්‍රමයක් ඉන්දියාව විසින් අනුමත කරන ලද අතර චීන නියාමකයින් CanSino Biologics හි බූස්ටර් මාත්‍රාව ආශ්වාසය කිරීම ආශ්‍රිතව එන්නත් ක්‍රමයක් අනුමත කරන ලදී.

සැප්තැම්බර් 4 න් අවසන් සතිය තුළ නව සතිපතා COVID-19 රෝගීන් සංඛ්‍යාව 12% කින් සහ මරණ සංඛ්‍යාව 5% කින් පහත වැටී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය නවතම වාර්තාවේ සඳහන් කරයි.

මරණ සහ නව රෝගීන්ගේ අඩුවීම දිරිගන්වන සුළු නමුත් මෙම ප්‍රවණතා නොකඩවා පවතිනු ඇති බවට සහතිකයක් නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus අනතුරු ඇඟවීය.

පසුගිය සතියේ සෑම තත්පර 44 කට වරක් COVID-19 නිසා එක් අයෙකු මිය ගිය බව ඔහු පැවසීය.

මේ අතර monkeypox ආසාදන ඇතිවීමේ අඩු ප්‍රවණතාවක් යුරෝපයේ දිගටම පවතින නමුත් ඇමරිකානු මහාද්වීපයේ ඇතැම් රටවල monkeypox රෝගීන් වැඩිවෙමින් පවතින බව ද ඔහු පැවසුවේය.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

Find a Long COVID clinic

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now