COVID 19 update 29 March: ඔස්ට්‍රේලියාවේ යෞවනයන්ට බූස්ටර් එන්නත ලෙස Pfizer එන්නත සලකා බලයි

2022 මාර්තු 29 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

ATAGI yafanya tathmini ya matumizi ya chanjo ya Pfizer kama dozi ya jeki kwa vijana.

ATAGI yafanya tathmini ya matumizi ya chanjo ya Pfizer kama dozi ya jeki kwa vijana. Source: Getty Images/DEAN LEWINS/POOL/AFP

Highlights

  • වයස අවුරුදු 12 සිට 15 දක්වා ළමුන් සඳහා Pfizer එන්නත බූස්ටර් එන්නතක් ​​ලෙස අනුමත කිරීමට පෙර ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) ඒ පිළිබඳ සාක්ෂි සමාලෝචනය කරයි.
  • වයස අවුරුදු 5-11 දරුවන්ට COVID-19 එන්නතෙහි සිය දෙවන මාත්‍රාව ලබාදීම පිණිස වේලාව වෙන්කරවා ගන්නා ලෙස ATAGI දෙමාපියන්ගෙන් ඉල්ලා තිබේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Matt Kean කොවිඩ් වයිරසයට ධානාත්මක වී ඇති බව ඊයේ වාර්තා විය.
  • Rapid antigen පරීක්ෂණයකින් කොවිඩ් වැළදී ඇති බව තහවුරු වීමෙන් පසුව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews දින 7 ක් හුදකලාවී තිබේ.
  • මාර්තු 7 වනදා සිට කොව්ඩ් ආසාදන 2,365 ක් සමඟ නව COVID රෝගීන්ගේ වැඩිවීමක් තිබියදීත් බටහිර ඕස්ට්‍රේලියාව මාර්තු 31 බ්‍රහස්පතින්දා අලුයම 12.01 සිට 2 වන මට්ටමේ සිට 1 වන මට්ටම දක්වා කොවිඩ් නීති ලිහිල් කිරීමට ඉඩ ඇති බවක් පෙනේ.
  • බටහිර ඕස්ට්‍රේලියාවේ නිවසින් බැහැරව වෙනත් ස්ථානවලදී වයස අවුරුදු 8 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා මුව ආවරණ පැළඳීම නොකඩවා ක්‍රියාත්මක කළ යුතුය. වැඩි විස්තර මෙතනින්.
  • ඩීකින් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාව පිළිබඳ සභාපති මහාචාර්ය කැතරින් බෙනට්, නිරවද්‍යතා ගැටළු හේතුවෙන් Rapid antigen පරීක්ෂණ මත අධික ලෙස විශ්වාසය තැබීමට එරෙහිව අනතුරු අඟවා ඇත. නිවසේ පරිසරය අනුව Rapid antigen පරීක්ෂණයක නිරවද්‍යතාව වෙනස්වන බව ඇය පවසයි.
  • නිදසුනක් වශයෙන්, Rapid antigen පරීක්ෂණයකට පැය භාගයකට පෙර අදාළ පුද්ගලයා ආහාර ගත්තේ නම් හෝ දත් මදින්නේ නම් ප්‍රතිඵලය වෙනස් විය හැකිය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 21,494
  • කොවිඩ් මරණ - 09
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,283
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 53

වික්ටෝරියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 10,916
  • කොවිඩ් මරණ - 05
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 284
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 33

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 7,738
  • කොවිඩ් මරණ - 09
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 325
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 14

ටස්මේනියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 2,324
  • කොවිඩ් මරණ - 01
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 22

ACT

  • කොවිඩ් ආසාදිතයින් - 1,063
  • කොවිඩ් මරණ - 0
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 49
  • දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 04

Northern Territory

  • කොවිඩ් ආසාදිතයින් - 408
  • කොවිඩ් මරණ - 0
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 12
  • දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 02


 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.


 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now