SKIP TO MAIN CONTENT

COVID 19 update 14 September: ඔස්ට්‍රේලියාවේ වසංගත නිවාඩු ගෙවීම් සැප්තැම්බර් මාසයෙන් ඔබ්බට දීර්ග කරයි

2022 සැප්තැම්බර් 14 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

AUSTRALIA CORONAVIRUS COVID-19
People shop at the Queen Victoria Market. (file) Source: AAP / SCOTT BARBOUR/AAPIMAGE

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Skip to article content

Highlights

හුදෙකලා වීමට නියෝග ලැබෙන පුද්ගලයින් සඳහා COVID-19 වසංගත නිවාඩු ගෙවීම් සැප්තැම්බර් 30 න් ඔබ්බට වත්මන් ගාස්තු යටතේ පවතිනු ඇතැයි අගමැති Anthony Albanese පැවසීය.

අනිවාර්ය හුදකලා කාල සීමාව ප්‍රාන්ත සහ ටෙරිටරිවල ක්‍රියාත්මක වනතෙක් මෙම හදිසි ගෙවීම් ලබා ගත හැකි බව ඔහු පැවසීය.

රජයට අනිවාර්ය ස්වයං නිරෝධායනය අවශ්‍ය වන අතර, අදාළ පුද්ගලයින්ට සහයෝගය ලබා දීමේ වගකීමක් රජයට ඇති බවද අගමැතිවරයා ජාතික කැබිනට් රැස්වීමකින් පසුව සඳහන් කළේය.

"COVID වලින් හෝ වෙනත් සෞඛ්‍ය ගැටළු වලින් මිනිසුන් අසනීප නම්, ඔවුන් එම දිනවල රැකියාවේ නොයෙදිය යුතු බව අපි පැහැදිලිවම පිලිගන්නවා, එය වැදගත්." යනුවෙන්ද ඔහු පැවසීය.

වසංගතය ආරම්භ වූ දා සිට මෙම වසංගත නිවාඩු ගෙවීම් සඳහා ඩොලර් බිලියන 2.2 කට වඩා වැඩි මුදලක් වැය කර ඇත.

මෑත කාලීන ඔමික්‍රොන් රැල්ල සහ වේලාසනින් පැමිණි ශීත කාලයේ ඉන්ෆ්ලුවන්සා සමය නොතකා ජුනි කාර්තුවේදී රජයේ රෝහල් උසස් තත්ත්වයේ ප්‍රතිකාර ලබා දුන් බව NSW Health පැවසීය.

හදිසි අවස්ථා දෙපාර්තමේන්තු රෝගීන්ගෙන් බහුතරයක් (62.8%) නියමිත වේලාවට ප්‍රතිකාර ආරම්භ කළ බවත්, රෝගීන් 10 දෙනෙකුගෙන් හත් දෙනෙකුට වඩා (72.5%) විනාඩි 30 ක කාලයක් තුළ ගිලන්රථයෙන් ED කාර්ය මණ්ඩලය වෙත යවා ඇති බවත් NSW Health සඳහන් කළේය.

සියලුම හදිසි elective සැත්කම් (98.2%) නියමිත වේලාවට සිදු කළ බවත් ඔවුහු පැවසුහ.

Bupa පාරිභෝගිකයින්ට ලබන මාසයේ එක් රක්ෂණ ප්‍රතිපත්තියක් සඳහා ඩොලර් 340 දක්වා මුදල් ලබා දීමක් අපේක්ෂා කළ හැකිය.

සමාගම එහි වසංගත ඉතුරුම් කොටසක් ලෙස මෙම මුදල් ආපසු ලබා දෙයි.

සෞඛ්‍ය රක්‍ෂණ සමාගම් සැප්තැම්බර් 1 වැනිදා ඔවුන්ගේ වාරික ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now