COVID 19 update 01 July: ඔස්ට්‍රේලියාවේ සමස්ත කොවිඩ් මරණ 10,000 ට ළංවෙයි

2022 ජූලි 01 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

AAP Image/Mick Tsikas

People queue at Centrelink at Darlinghurst in Sydney. (file) Source: AAP Image/Mick Tsikas

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 31 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 12 ක් ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 09 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 06 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 02 ක්ද වාර්තා විය.

2020 ජනවාරි මාසයේදී කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ COVID-19 ආසාදිත පුද්ගලයින් 9,897 ක් මියගොස් ඇති බව දත්ත පෙන්වා දෙයි. මෙම අගය සති අන්තයේ 10,000 සීමාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
සෞඛ්‍ය අමාත්‍ය Mark Butler අද (ජූලි 01) ප්‍රාන්ත සහ ටෙරිටරි සෞඛ්‍ය අමාත්‍යවරුන් හමුවෙයි. ඔහු අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා COVID-19 ප්‍රතිකාර සඳහා ප්‍රවේශය ගැන කතා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ නව ආසාදන, රෝහල්ගත කිරීම් සහ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති හෙයින් නව රැල්ලක් ගැන සෞඛ්‍ය අමාත්‍ය Mark Butler අනතුරු අඟවා තිබේ.

මෙතෙක් ගෙවූ වසංගත නිවාඩු ආපදා ගෙවීම ජූලි 01 සිට නවත්වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි. මෙම වැඩසටහන 2020 අගෝස්තු මාසයේදී හඳුන්වා දුන් දා සිට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය රට පුරා සිටින පුද්ගලයින්ට ඩොලර් බිලියන 1.89 කට අධික මුදලක් ගෙවා ඇත.

ඉහළ එන්නත් අනුපාත හේතුවෙන් සිකුරාදා (ජූලි 01) Northern Territory හි COVID-19 එන්නත් මධ්‍යස්ථාන වසා දැමීය. කෙසේ වෙතත්, තවමත් ඔසුසැල්වලින්, ස්වදේශික ඔස්ට්‍රේලියානු වෛද්‍ය සායනවලින් සහ සාමාන්‍ය වෛද්‍ය සායනවලින් කොවිඩ් එන්නත් ලබාගත හැකිය.

ටස්මේනියාව සිය මහජන සෞඛ්‍ය හදිසි ප්‍රකාශය අද අලුයම 12:01 ට අවසන් කළේය. කෙසේ වෙතත්, රජයේ රෝහල්වල තවමත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත.

ඊයේ දිනයේදී Australian Capital Territory සිය Equity to Access COVID-19 එන්නත් කිරීමේ වැඩසටහන අවසන් කරන ලද අතර, අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට ගෘහස්ථව එන්නත් ලබා දෙන ලදී.

ඇතැම් ප්‍රාන්ත සහ ටෙරිටරි ජූලි 1 වැනිදා සිට ඔවුන්ගේ දෛනික COVID-19 දත්ත සමාජ මාධ්‍යවල බෙදාහැරීම නතර කිරීමට තීරණය කර ඇත.

ක්වීන්ස්ලන්ත වැසියන්ට දැන් ජූලි 17 දක්වා නොමිලේ flu එන්නත් ලබා ගත හැක.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service