- කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාගත් ඔස්ට්‍රේලියාවේ ජනගහනය 90% මට්ටම ඉක්මවයි.
- වික්ටෝරියානු ප්‍රාන්තයේ වසංගත නීතිවලට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මැදිහත් නොවන බව අගමැති Scott Morrison පවසයි.
- තමාට schoolies උත්සවය අවලංගු කිරීමට අවශ්‍ය නොවන නමුත් ප්‍රභවයක් නොමැති කොවිඩ් ආසාදිතයෙකු ඉන් වාර්තා වුවහොත් ඒ සම්බන්ධ දැඩි තීරණ ගැනීමට සිදුවන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පවසයි.
- පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින් සඳහා ජනයා ඒක රාශිවීම්, සංගීත සහ නර්තන වැනි උත්සවවලට සහභාගී වීම් සම්බන්ධ කොවිඩ් නීති සමාලෝචනය කරන බැවින් අවුරුදු 16-24 වයස් කාණ්ඩයේ අයට කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස ටස්මේනියා ප්‍රාන්ත රජය ඉල්ලා සිටියි.
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ එන්නත් කොමසාරිස් ක්‍රිස් ඩෝසන්, ඔස්ට්‍රේලියාවේ අඩුම කොවිඩ් එන්නත් අනුපාතයක් ඇති ස්වදේශික ප්‍රජාවන්ගේ වැඩිහිටියන්ට කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස පුද්ගලික ආයාචනයක් සිදු කර තිබේ.
- නොවැම්බර් 15 සිට Greater Sydney හි elective සැත්කම් කිරීම සම්පුර්ණයෙන්ම ඇරඹේ.
COVID-19 සංඛ්‍යා දත්ත
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,115 ක් සමග කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 286 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 2 ක්ද වාර්තා වේ.
- මේ අතර ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 15 ක් ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් ආසාදිතයින් 2 ක්ද වාර්තා වේ.
ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.
- නිව් සවුත් වේල්ස් ගමනාගමන හා ප්‍රවාහන සහ නිරෝධායන කටයුතු
- වික්ටෝරියා අවසර පත්‍ර , විදෙස් සංචාරකයින් සහ නිරෝධායන කටයුතු
- ACT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- NT ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ක්වීන්ස්ලන්තය ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- දකුණු ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- ටස්මේනියා ගමනාගමන සහ නිරෝධායන කටයුතු
- බටහිර ඔස්ට්‍රේලියාව ගමනාගමන සහ නිරෝධායන කටයුතු
ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.
වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න
- නිව් සවුත් වේල්ස්
- වික්ටෝරියා
- ක්වීන්ස්ලන්තය
- දකුණු ඔස්ට්‍රේලියාව
- ACT
- බටහිර ඔස්ට්‍රේලියාව
- ටස්මේනියා
- නොදර්න් ටෙරිටරිය

