COVID 19 update 22 Nov: ඔස්ට්‍රේලියාව සුදුසුකම්ලත් වීසා හිමියන්ට දෙසැම්බර් 1 සිට විවෘත කෙරේ

2021 නොවැම්බර් 22 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Passengers on a Singapore Airlines flight arrive at Melbourne International Airport in Melbourne, Sunday, November 21, 2021.

Passengers on a Singapore Airlines flight arrive at Melbourne International Airport in Melbourne, Sunday, November 21, 2021. Source: AAP

Highlights

  • දෙසැම්බර් 1 වැනිදා සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද සුදුසුකම් ලත් වීසා හිමියන්ට සංචාරක නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කිරීමකින් තොරව ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබේ.
  • එලෙස සුදුසුකම් ලත් වීසා බලපත්‍රලාභීන් අතරට පුහුණු ශ්‍රමිකයන් සහ ජාත්‍යන්තර සිසුන්, temporary working holidaymakers මෙන්ම humanitarian සහ provisional වීසාලාභී සරණාගතයින් ඇතුළත් වේ. ඔවුන් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා තිබිය යුතු අතර එය සහතික කරන වලංගු එන්නත් සහතිකයක් පෙන්විය යුතුය. ඊට අමතරව තම රටින් පිටවීමට පැය 72 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක බවටද සනාථ කළ යුතුය.
  • දෙසැම්බර් 1 සිට සංචාරක නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කිරීමකින් තොර පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජපාන සහ දකුණු කොරියා පුරවැසියන්ටද ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිය.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,029 ක් සමග කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 180 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ
  • මේ අතර ගතවූ පැය 24 තුළ Northern Territory වෙතින් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වන අතර Katherine කලාපයේ lockdown කිරීම නොවැම්බර් 24 පස්වරු 6 තෙක් දීර්ග කර තිබේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න

 


Share

2 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now