Highlights
- ජාත්‍යන්තර සිසුන්ට සහ ඔස්ට්‍රේලියානු වීසා හිමි සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කිරීම දෙසැම්බර් 1 සිට දෙසැම්බර් 15 දක්වා ප්‍රමාද කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.
- වෛද්‍ය උපදෙස් මත අනාගතයේදී සිදුකරන වෙනස්කම් තීරණය වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
- ජාත්‍යන්තර දේශසීමා යළි විවෘත කිරීම කල් දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගත් තීරණයට විපක්ෂය සහාය පළ කර ඇත.
- Omicron ප්‍රභේදයට ඔස්ට්‍රේලියාව ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට අද ජාතික කැබිනට් මණ්ඩල රැස්විය. ප්‍රජාව තුළ මෙම නව ප්‍රභේද්යා පැතිරීම නොවැළැක්විය හැකි බව ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
- Omicron ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 6 දෙනෙකු මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිරෝධායනයේ සිටින බව සඳහන්.
- වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවකට කොවිඩ් එන්නත ලබා ගැනීම අනිවාර්ය කර ඇති දිනයට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ළඟාවෙමින් සිටී.
- ක්වීන්ස්ලන්තය දෙසැම්බර් 17 වැනිදා සිට අධි අවදානම් සහිත සේවා ස්ථානවල සේවකයන්ට කොවිඩ් එන්නත ලබා ගැනීම අනිවාර්ය කරයි.
COVID-19 සංඛ්‍යා දත්ත
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 918 ක් සමග කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 179 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

