Highlights
- වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 7 ක්ද නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලින් කොවිඩ් මරණ 4 බැගින්ද වාර්තා විය.
- ඊට අමතරව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 9 ක්ද ටස්මේනියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් මරණයක්ද වාර්තා විය.
- බොහෝ දරුවන් දැන් ඔවුන්ගේ දෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව සඳහා සුදුසුකම් ලබනු ඇති බව පවසමින් ඔවුන්ට ප්‍රමාදයකින් තොරව එන්නත් ලබා දෙන ලෙස වයස අවුරුදු පහ සහ ඊට වැඩි දරුවන්ගේ දෙමාපියන්ගෙන් NSW නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Marianne Gale ඉල්ලා සිටියාය.
- වික්ටෝරියානු ප්‍රාන්ත රජය නිවේදනය කළ සංචාරක වවුචර 140,000 ක් බදාදා (23/03) පස්වරු 2 සිට මහජනතාව සඳහා ලබාගැනීමට විවෘත කෙරේ.
- අදාළ අයදුම්කරුවන් නවාතැන් හෝ සංචාරක ස්ථාන සඳහා ඩොලර් 400කට වඩා වියදම් කරන්නේ නම් ඔවුන්ට මෙම වැඩසටහන මගින් $200 ක් යළි ලබාගැනීමට අවස්ථාව සැලසේ.
- අලුතින් තේරී පත් වූ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Peter Malinauskas විසින් නව ප්‍රාන්ත රජයේ පාලනසැලැස්ම එළිදක්වා ඇති අතර අප්‍රේල් මාසය වන විට ප්‍රාන්තයට නව දෛනික COVID-19 රෝගීන් 8,000 දක්වා අපේක්ෂා කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සෞඛ්‍ය නිලධාරීන් පසුගිය සෙනසුරාදා පැවති ප්‍රාන්ත මැතිවරණය ආසන්නයේ රජයේ රෝහල්වල ඇතැම් elective සැත්කම් තහනම් කිරීමක් නැවත පනවන ලද නමුත් එය නිවේදනය කළේ නැත.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 20,960
- කොවිඩ් මරණ - 4
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,177
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 41
වික්ටෝරියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 9,594
- කොවිඩ් මරණ - 7
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 256
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 24
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 8,881
- කොවිඩ් මරණ - 09
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 252
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 09
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 3,686
- කොවිඩ් මරණ - 04
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 165
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 11
ටස්මේනියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 1,825
- කොවිඩ් මරණ - 01
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 25
ACT
- කොවිඩ් ආසාදිතයින් - 1,014
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 38
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 03
ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

