SKIP TO MAIN CONTENT

COVID 19 update 09 Feb: සංචාරකයින්ගේ එන්නත් අවශ්‍යතා ගැන මත ගැටුම් අතරේ ඔස්ට්‍රේලියාවෙන් තවත් මරණ 68 ක්

2022 පෙබරවාරි 09 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

AAP
Source: AAP

3 min read

Published

By Madhura Seneviratne



Skip to article content

Highlights

  • නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත, ටසේම්නියා ප්‍රාන්ත සහ ACT හි ගතවූ පැය 24 තුළ කොවිඩ් මරණ 68 ක් සිදුව තිබේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්ගත කළ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව  2,068 සිට 1,906 දක්වා පහත වැටී ඇති අතර දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන් සංඛ්‍යාව 132 මට්ටමේම පවතී.
  • පෙබරවාරි 21 වන දින ජාත්‍යන්තර සංචාරකයින්ට ඔස්ට්‍රේලියානු දේශසීමා විවෘත කිරීම මධ්‍යයේ වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින්ට කොවිඩ් එන්නතේ මාත්‍රා තුනම ලබා තිබිය යුතුය යන වික්ටෝරියා ප්‍රාන්ත රජයේ සැලසුම් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක අමාත්‍ය Dan Tehan ප්‍රතික්ෂේප කර තිබේ.
  • ජාත්‍යන්තර සංචාරකයින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට ප්‍රාන්ත සහ ටෙරිටරිවලින් ඒ සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් තිබීම ඉතා වැදගත් බව Dan Tehan පැවසීය.
  • තම ප්‍රාන්ත වැසියන්ට අදාළ වන නීතිරීතිවලට අනුකූලව, ඔවුන්ට hospitality ස්ථාන හෝ ප්‍රධාන උත්සවවලට ඇතුළු වීමට ඉඩ සලසන තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාවක් අවශ්‍ය විය හැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
  • මේ අතර තම ප්‍රාන්තය අවසානයේදී අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා 90% ද්විත්ව මාත්‍රාව එන්නත් කිරීමේ ඉලක්කයට ළඟා වූ බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.
  • ක්වීන්ස්ලන්තය සිය වැඩිම දෛනික COVID-19 මරණ සංඛ්‍යාව වාර්තා කර ඇති අතර නවතම වාර්තාකරණ කාල සීමාව තුළ පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇත.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 10,312 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 20 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,906 ක් රෝහල්ගත කර ඇති අතර 132 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 9,908 ක් සමග කොවිඩ් මරණ 21 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 542 ක් රෝහල්ගත කර ඇති අතර 71 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,902 ක් සමග කොවිඩ් මරණ 24 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 686 ක් රෝහල්ගත කර ඇති අතර 44 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 574 ක් වාර්තා වන අතර 10 දෙනෙකු රෝහල්ගත කර ඇත.
  • තවූ පැය 24 තුළ ACT හි ආසාදිතයින් 475 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා විය.  එමෙන්ම 54 දෙනෙකු රෝහල්ගත කර ඇත.

 

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත් අදාල ප්‍රාන්ත වලට අනුව


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන අදාල ප්‍රාන්ත වලට අනුව


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now