Highlights
- කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාව එහි වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරයි.
- NSW ප්‍රාන්තය ද ඔවුන්ගේ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරන අතර ඉන් තුනෙන් එකක් පමණ Hunter New England කලාපයෙන් වාර්තා වේ.
- Newcastle හි තවත් pub එකක් කොවිඩ් ආසදිතයින්ට නිරාවරණය වූ ස්ථානයක් ලෙස NSW Health විසින් නම් කර ඇති අතර එය මේ වන විට වසා දමා ඇත.
- NSW ප්‍රාන්තය විසින් ඩොලර් බිලියන 19.5 ක අයවැය හිඟයක් ප්‍රකාශයට පත් කරයි. එය කොවිඩ් වසංගතයේ පිරිවැය ලෙස ඔවුහු දක්වති.
- තම ප්‍රාන්තයේ වර්ධනය වන කොවිඩ් ආසාදිතයින් හමුවේ සංවේදීව ක්‍රියා කරන ආකාරය ප්‍රාන්ත වැසියන් දැන සිටිය යුතු බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Yvette D'ath පවසයි.
- කොවිඩ් ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙසට හඳුනාගැනීමත් සමග ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක Pat Cummins හට ඇඩිලේඩ් නුවර පැවැත්වීමට නියමිත අළු බඳුන දෙවැනි ටෙස්ට් තරගය අහිමි වනු ඇත.
- නවසීලන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජනගහනය 90% ප්‍රතිශතයට ළඟා වෙයි.
COVID-19 සංඛ්‍යා දත්ත
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,622 ක් සමග කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,742 ක් හමුවී ඇත.
- ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 22 ක් වාර්තා වූ අතර ඉන් 18 ක්ම ප්‍රජාව තුළින් හමුවූ අය වේ.
- ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 11 ක් ටස්මේනියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසදිතයෙක් ද වාර්තා වේ.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු
Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

