COVID 19 update 28 July: ඔස්ට්‍රේලියාවෙන් තවත් කොවිඩ් මරණ 125 ක්, monkeypox ජාතික වැදගත්කමක් ඇති රෝගයක් ලෙස නම් කරයි

2022 ජූලි 28 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A resident is taken away in an ambulance from a aged care in Melbourne.

A resident is taken away in an ambulance from a aged care in Melbourne. (file) Source: AAP Image/Daniel Pockett

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 125 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 37 ක්ද. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 34 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 27 ක්ද ඊට ඇතුලත්වේ.

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් 2022 අප්‍රේල් 13 සහ 2022 ජූලි 27 අතර මරණ 17ක් වාර්තා විය.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.


ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly විසින් monkeypox (MPX) ජාතික වැදගත්කමකින් යුත් බෝවන රෝග සිදුවීමක් ලෙසත් එය වැළක්වීමට මැදිහත්වීම් සහ මහජන පණිවිඩ යැවීම අවශ්‍ය බවත් ප්‍රකාශ කර ඇත.

මෙම නිවේදනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝගයට අනුව MPX ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් හෝ COVID-19 හා සමාන වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

MPX යනු COVID-19 ට වඩා හානිකර නොවන බවත් එය COVID-19 ලෙස සම්ප්‍රේෂණය නොවන බවත් මහාචාර්ය Paul Kelly පැවසීය.

විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණි ඔස්ට්‍රේලියානුවාසීන් 44 දෙනෙකු හට මෙම වයිරසය වැළදී ඇති බව හඳුනාගෙන ඇත.

රටවල් 78 කින් MPX රෝගීන් 18,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ පහක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus පැවසුවේය.

මෙම පැතිරීමෙන් 98% ක්ම සිදුවන්නේ සම ලිංගිකව එක්වන පිරිමින් හරහා බව ඔහු පැවසීය. කෙසේවෙතත්, MPX, වැළඳ ගැනීම සහ සිපගැනීම් වැනි පුද්ගලයින් අතර සමීප සම්බන්ධතා හරහා සහ වයිරසය අඩංගු කිළුටු තුවා හෝ ඇඳ ඇතිරිලි වැනි දේ හරහා නිවාස තුළ පැතිර යා හැක.

ඔස්ට්‍රේලියාවේ බොහෝ MPX රෝගීන් වයස අවුරුදු 21 සිට 40 දක්වා පුද්ගලයින් අතර වේ.

NSW Health ජනගහනය 100,000 කට COVID-19 ආසාදන අනුපාතය ප්‍රාන්තය පුරා වැඩි වී ඇති බව එහි නවතම වාර්තාව සඳහන් කළේය. විශාලතම වැඩිවීම වයස අවුරුදු 90 සහ ඊට වැඩි පුද්ගලයින් තුළ දක්නට ලැබේ

ළමුන් සහ නව යොවුන් වියේ අය අතර මෙම අනුපාතය අවම මට්ටමක පවතින නමුත් පාසල් නැවත විවෘත කිරීමත් සමඟ එය වැඩි වන බව NSW Health පැවසුවේය. ආසාදන සහ රෝහල්ගතවීම්වල වර්තමාන උච්චතම අවස්ථාව අගෝස්තු මැද සිට අග දක්වා අපේක්ෂා කෙරේ.

වික්ටෝරියා ප්‍රාන්තය පසුගිය වසරේ පරිපූරක වෛද්‍යවරුන් 700 ක් බඳවා ගත් බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය. සෞඛ්‍ය සේවා පද්ධතියට ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා ඔවුන් මේ වසරේ එම සංඛ්‍යාවම බඳවා ගැනීමට නියමිතය.
දකුණු ඔස්ට්‍රේලියාව විසින් දැනට පවතින Omicron රැල්ල සහ flu ආසාදන සමඟ කටයුතු කිරීම සඳහා ඇඩිලේඩ් හි Kilkenny හි පස්වන ශ්වසන සායනයක් විවෘත කර ඇත.

ඔස්ට්‍රේලියාව, ජපානය සහ කොරියාව ඇතුළත් බටහිර පැසිෆික් කලාපය පෙර සතියට වඩා COVID-19 රෝගීන්ගේ 52% ක වැඩිවීමක් වාර්තා කර ඇති බව WHO සිය නවතම සතිපතා වාර්තාවේ සඳහන් කරයි.

ඇමෙරිකාව, ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශය ගෝලීය වශයෙන් වැඩිම සතිපතා ආසාදන වාර්තා කර ඇත.

Share

Published

Presented by Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service