Highlights
- ඔස්ට්‍රේලියාව තවත් කොවිඩ් මරණ 30 ක් අද දිනයේදී වාර්තා කළේය. ඊට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 16ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 4 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 7 ක්ද, දකුණු ඔස්ට්‍රේලියාවෙන් 3 ක්ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 3 ක්ද ඊට ඇතුලත්වේ,
- ක්වීන්ස්ලන්තය හැර බොහෝ ප්‍රාන්තවල නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ස්ථාවරව පවතින අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බදාදා දිනයේදී ආසාදිතයින් 8,534 ක් වූ අතර බ්‍රහස්පතින්දා ආසාදන 10,984 ක් වාර්තා විය.
- දිනපතා COVID-19 මරණ සංඛ්‍යා වාර්තා කිරීමෙන් ඉවත් වන ලෙස ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly උපදෙස් දී තිබේ.
- වයස අවුරුදු 40 ට අඩු වයස් ඛාණ්ඩය බූස්ටර් එන්නත ලබාගැනීමට පසුගාමී බව COVID-19 කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් John Frewen සෙනෙට් සභාවකට පැවසුවේය.
- මිනිසුන් පෙර කොවිඩ් ප්‍රභේද සමඟ මෙන් ඔමික්‍රොන් වලට තවදුරටත් බිය නොවන බවද ඔහු පැවසීය.
- ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ සහයෝගයෙන් සහ ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති ResApp ආයතනය මගින් කැස්ස ශබ්ද භාවිතයෙන් COVID-19 පවතින බව හඳුනා ගැනීමට smartphone App එකක් නිර්මාණය කර තිබේ.
- ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ සහභාගීකරවාගත් රෝගීන් 741 දෙනෙකුගේ නියමු සායනික පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගෙන් 92% ක් තුළ COVID-19 නිවැරදිව හඳුනාගෙන ඇති බව එම සමාගම පැවසීය.
- එම සමාගම දැන් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කරයි.
- කොවිඩ් වසංගතයක් යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අප්‍රේල් 12 අඟහරුවාදා රාත්‍රී 11.59 සිට මාස තුනකට දීර්ඝ කර කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය පියවර ගෙන තිබේ.
- වික්ටෝරියානු ප්‍රාන්ත රජය තවමත් නිවැසියන්ට බරපතල අවදානමක් පවතින බව විශ්වාස කරන අතර සම්ප්‍රේෂණය සහ රෝහල්ගතවීම අඩු කිරීම සඳහා අඛණ්ඩ මහජන සෞඛ්‍ය සේවාවක් සහ වෙනත් ආරක්ෂක පියවරයන් අවශ්‍ය බව පවසයි.
- මේ හරහා වික්ටෝරියානු ප්‍රාන්ත රජයට අතිරික්ත බලයක් ලබා දෙන බවට විශ්වාස කරමින් බොහෝ නිවැසියන් වසංගත ප්‍රකාශයට එරෙහිව පසුගිය කාලයේ විරෝධතා දක්වා ඇත.
- දකුණු ඔස්ට්‍රේලියාවේ කලින් පුරෝකථනය කළ පරිදි දෛනික නව රෝගීන් 8,000 සීමාවට ළඟා විය හැකි අතර නැවත සකස් කරන ලද දත්ත මගින් දිනකට රෝගීන් 5,500 ක උපරිමයක් පෙන්නුම් කරන බව දකුණු ඕස්ට්‍රේලියානු සෞඛ්‍යය පපවසයි.
- මේ අතර දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය රජය "කොවිඩ් එන්නත් වැඩි කිරීම සහ රෝහල් ගතවීම අඩු කිරීම" සඳහා එන්නත් සායන කිහිපයක ක්‍රියාකාරී කාල රාමුව දීර්ග කර ඇත.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 22,255
- කොවිඩ් මරණ - 16
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,437
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 48
වික්ටෝරියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 12,314
- කොවිඩ් මරණ - 04
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 283
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 12
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 10,984
- කොවිඩ් මරණ - 07
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 444
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 17
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 7,998
- කොවිඩ් මරණ - 03
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 256
- දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 08
ටස්මේනියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 2,365
- කොවිඩ් මරණ - 00
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 43
- දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 01
ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

