ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 42 ක් වාර්තා වී ඇති අතර ඊට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 18 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 15 ක්ද ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඊට පෙර සිදුවූ කොවිඩ් මරණ 7 ක්ද වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයට පැමිණි Coral Discoverer කෲස් නෞකාවේ මගීන් දස දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ. ඩාර්වින් නුවර සිට දින 10 ක මුහුදු ගමනකින් පසුව මෙම නෞකාව ඊයේ දිනයේදී බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Broome වෙත ළඟා වී ඇත. එහි සියලු මගීන් කොවිඩ් එන්නතේ මාත්‍රා ත්‍රිත්වයම ලබා ඇති බවද වාර්තා වේ.
බටහිර ඔස්ට්‍රේලියාව අප්‍රේල් 17 සිට මගීන් සහ කාර්ය මණ්ඩලය 350 ට නොඅඩු කුඩා නෞකාවලට ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර දී තිබුණි.
නව COVID-19 රෝගීන් සංඛ්‍යාව ප්‍රාන්තයේ ස්ථාවරව පවතින බැවින් බටහිර ඕස්ට්‍රේලියාවට මේ සතියේ ගෘහස්ථව මුව ආවරණ පැළදීමේ නීති ඉවත් කිරීමට සූදානම් වේ.
නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා, ACT සහ ක්වීන්ස්ලන්තය පසුගිය සතියේ සමීප ආශ්‍රිතයින්ගේ හුදකලා වීමේ සහ නිරෝධායන නීති ඉවත් කරන බව ප්‍රකාශ කළ බැවින් කොවිඩ් නීති හා සීමාවන් ලිහිල් කිරීමට ඉක්මන් වැඩි බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥ Nancy Baxter විශ්වාස කරයි.
නව කොවිඩ් ආසාදිතයින් හමුවීමෙන් පසුව බීජිං නුවර මහා පරිමාණයෙන් කොවිඩ් පරීක්ෂණ සිදු කෙරේ. බීජිං නුවර දිස්ත්‍රික්ක 16 න් අටක ආසාදන 70 ක් වාර්තා කර ඇති අතර ඉන් බොහෝ ආසාදන Chaoyang දිස්ත්‍රික්කයේ විය.
චීනය එහි 'zero-COVID' ප්‍රවේශය යටතේ දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බව දැනගන්නට ලැබේ. එහි මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ෂැංහයි නුවර පසුගිය සති හතර තුළ වසා දමා ඇත.
චීනයේ කොවිඩ් තත්ත්වය පිළිබඳ නවතම වීඩියෝව මෙතැනින් නරඹන්න.
ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

