COVID 19 update 21 April: ඕස්ට්‍රේලියාවෙන් නව කොවිඩ් මරණ වාර්තා වෙද්දී, සෙසු ප්‍රාන්තත් කොවිඩ් නීති ලිහිල් කිරීම ගැන අවධානයක්

2022 අප්‍රේල් 21 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

After New South Wales and Victoria more Australian states and territories are expected to ease isolation rules for close contacts. (file)

Source: AAP Image/Con Chronis

Highlights

පසුගිය පැය 24ක කාලය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 16 ක්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 15 ක් සහ වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 11 ක් ඇතුළුව අවම වශයෙන් COVID-19 මරණ 47 ක් වාර්තා වී තිබේ.

පසුගිය වසර දෙකට සාපේක්ෂව මේ වසරේදී ඕස්ට්‍රේලියාවේ COVID-19 හේතුවෙන් වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

අප්‍රේල් 20 දා වන විට, වසංගතය මීට වසර දෙකකට පෙර ආරම්භ වූ දා සිට COVID-19 හේතුවෙන් පුද්ගලයින් 6,842 ක් මිය ගොස් ඇති බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි.

මරණ 6,842 න් 4,603 මේ වසරේ සිදු වී තිබේ. එමෙන්ම 2021 දෙසැම්බර් 31 වනවිට ඕස්ට්‍රේලියාවේ COVID-19 මරණ 2,239 ක් වාර්තා වී ඇත.

පසුගිය දින කිහිපය තුළදී ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල රෝහල්ගතවීම් ඉහල ගොස් තිබේ. අප්‍රේල් 4 වන දින වනවිට රෝහල්ගතකොට සිටි1,418 ට සාපේක්ෂව අප්‍රේල් 21 වන දින නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්වලට පුද්ගලයින් 1,641 ක් ඇතුලත් කොට තිබේ.

එමෙන්ම මීට සමානව වික්ටෝරියා ප්‍රාන්තයේ අප්‍රේල් 4 වන දින 305 ක් සහ ඊට සාපේක්ෂව මේ වනවිට පුද්ගලයින් 444 ක් රෝහල්ගතව සිටී.

ඕස්ට්‍රේලියාවේ නව රෝගීන්, රෝහල්ගතවීම් සහ මරණ සඳහා නවතම COVID-19 ප්‍රවණතා මෙතැනින් පරීක්ෂා කරන්න.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අප්‍රේල් 16 න් අවසන් වන සතිපතා සෞඛ්‍ය වාර්තාවේ XE ප්‍රභේදය වැළඳුනු පුද්ගලයින්  හතරක් වාර්තා කොට තිබේ. නව ආසාදිතයින් මෙම XE ප්‍රභේදයෙන් වැළඳී ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකයකුගේ ගෘහස්ථ සාමාජිකයින් වේ.

NSW Health සඳහන් කොට සිටින්නේ මෙම XE ප්‍රභේදයෙන් වැළඳී ඔස්ට්‍රේලියාවට පැමිණි සංචාරකගේ නිවස වටා සිදු කල නිරීක්ෂණ මගින් XE ප්‍රභේදයේ පැතිරීමක් අනාවරණය වී නොමැති බවයි.

ක්වීන්ස්ලන්ත සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ සමීප සම්බන්ධතා සඳහා වන හුදකලා නීති ලිහිල් කිරීම සහ එන්නත් නොකළ සංචාරකයින් සඳහා හෝටල් නිරෝධායනය ඉවත් කිරීම සිදු කිරීමට නියමිතයි.

පවුලේ සාමාජිකයෙකු COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව බටහිර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Mark McGowan දින හතක කාලයක් හුදකලාව සිටියි. ඔහු කොවිඩ් සඳහා ඍණාත්මක ප්‍රතිඵල පෙන්වා තිබේ.

ටස්මේනියානු අග්‍රාමාත්‍ය Jeremy Rockliff පැවසුවේ රාජ්‍ය සංචාරක ව්‍යාපාරය COVID-19 වසංගතයෙන් පසු ක්‍රමයෙන් යථා තත්වයට පත්වන බවයි.

සංචාරක ක්‍රියාකරුවන්ගෙන් සියයට 70 ක් බලාපොරොත්තු වූවාට වඩා හොඳින් ක්‍රියා කරන අතර දෙසැම්බර් මාසයේදී දේශසීමා නැවත විවෘත කිරීමෙන් පසු වසංගතයට පෙර පැවති මට්ටමට පැමිණ ඇති බව මෑත කාලීන සමීක්ෂණයකින් පෙන්නුම් කොට තිබේ.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ කැන්බරා විශ්ව විද්‍යාල රෝහලේ post-COVID/long COVID ප්‍රතිසාධන සායනයක් විවෘත කොට තිබේ.

long COVID තත්ත්වය සාමාන්‍යයෙන් සිදු වන්නේ රෝග ලක්ෂණ සමඟ ආසාදනය වී මාස තුනකට පසුව විය හැකි හෝ තහවුරු කළ SARS CoV-2 ආසාදනය ඇති පුද්ගලයින් තුළ වේ. එය අවම වශයෙන් මාස දෙකක කාලයක් පැවතිය හැකි අතර විකල්ප රෝග විනිශ්චය හරහා මෙය පැහැදිලි කළ නොහැක.

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

3 min read

Published

Updated

By Nipuna Dodangoda




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now