COVID 19 update 24 Jan: Omicron පැතිරීම උච්ච වෙමින් පවතින බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ඇමති පවසයි

2022 ජනවාරි 24 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Australian Health Minister Greg Hunt speaks via video link to the media during a press conference at Parliament House in Canberra

Australian Health Minister Greg Hunt speaks via video link to the media during a press conference at Parliament House in Canberra. Source: AAP

Highlights

  • කොවිඩ් අවදානම් ප්‍රදේශවල Omicron ප්‍රභේදයේ පැතිරීම උච්ච වෙමින් පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.
  • මේ අතර ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 56 ක් වාර්තා විය.
  • අද සිට concession කාඩ්පත් හිමියන් සඳහා නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල ලබා ගත හැකිය. විශ්‍රාමිකයින්, ප්‍රවීණයන් සහ අඩු ආදායම්ලාභීන් ඇතුළුව මිලියන 6.6 ක ජනතාවක් ඒ සඳහා දැන් සුදුසුකම් ලබා ඇති අතර ඔවුන්ට මාස තුනක කාලයක් තුළ ඔසුසැල්වලින් නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල 10ක් දක්වා ලබාගැනීමට අවසර ලැබේ.
  • Rapid antigen පරීක්ෂණ කට්ටල හිඟය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දිගින් දිගටම ප්‍රශ්නවලට මුහුණ දී ඇත. අද සහ ජූලි අග අතර කාලයේ  Rapid antigen පරීක්ෂණ කට්ටල මිලියන 16 ක් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.
  • නව COVID-19 එන්නතක් වන Novavax එන්නත වැඩිහිටියන් සඳහා ඔස්ට්‍රේලියාවේ භාවිතා කිරීම සඳහා අවසාන අනුමැතිය ලැබී ඇති අතර එය පෙබරවාරි 21 සිට ලබාදීමට තීරණය කර ඇත.
  • සති 3 ක කාල පරතරයක් සහිතව Novavax එන්නතේ මාත්‍රා දෙකක් ලබාගත යුතුවේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්ගත කරන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන අතර එය ඊයේ දිනයේදී 2,712 සිට 2,816 දක්වා වැඩිවී තිබුණි. මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්ගත කරන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ පහත බැසීමක් පෙන්නුම් කරයි. ඊයේ වන විට එම ප්‍රමාණය 1,002 සිට 998 දක්වා අඩුවී තිබුණි. මේ අතර ක්වීන්ස්ලන්තයේ රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 863 ම පවතී.
  • තම ප්‍රාන්තයේ පාසල් 2022 වසර සඳහා විවෘත කරන සැලසුම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විසින් මේ සතියේදී එළිදැක්වීමට නියමිතය.
  • මේ අතර තම දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාවෙන් මාස 3 කට පසු ක්වීන්ස්ලන්ත වැසියන්ට අද පටන් තම බූස්ටර් එන්නත ලබාගත හැකිය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින්  15,091 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 24 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 2,816 ක් රෝහල්ගත කර ඇති අතර 196 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 11,695 ක් සමග කොවිඩ් මරණ 17 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 998 ක් රෝහල්ගත කර ඇත.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 10,212 ක් ද කොවිඩ් මරණ 13 ක් ද වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 878 ක් රෝහල්ගත කර ඇති අතර 50 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටී.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 619 ක් ද එක් කොවිඩ් මරණයක් ද වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 41 ක් රෝහල්ගත කර ඇත.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන් 

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 
ACT 

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service