Highlights
කොවිඩ් වසංගතය අතරතුර හඳුන්වා දුන් හදිසි බලතල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ නීති සම්මත කර ඇත.
ඒ අනුව 2022 හදිසි කළමනාකරණ සංශෝධන (තාවකාලික COVID-19 විධිවිධාන) පනත් කෙටුම්පත මගින් McGowan රජයට COVID-19 සීමා කිරීම් නොකඩවා ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දේ.
විපක්ෂය විසින් කුරිරු පනත් කෙටුම්පතක් ලෙස විස්තර කර ඇති මෙය ඔක්තෝබර් මාසයේදී සෙනට් සභාවේ විවාදයට ගනු ඇත.
සැප්තැම්බර් 20 න් අවසන් වූ සතිය සඳහා නව දෛනික COVID රෝගීන්ගේ සාමාන්‍යය අගය 6,543 ක් වූ අතර එය පසුගිය සතියට වඩා 15% කට ආසන්න ප්‍රමාණයකින් අඩු වීමක් බව දත්ත පෙන්නුම් කරයි.
ටස්මේනියාව විසින් කොවිඩ් වයිරසය ආසාදනය වී සති 12 කට පසුව රෝග ලක්ෂණ අඛණ්ඩව අත්විඳින අය සඳහා Post COVID-19 Navigation සේවාව දියත් කර ඇත.
හෙට සිට, ටස්මේනියානුවන්ට සියලුම රාජ්‍ය සායනවලදී PCR පරීක්ෂණයක් ලබා ගැනීමට කලින් වේලාව වෙන් කිරීමක් අවශ්‍ය නොවේ. ඒ වෙනුවට, ඔවුන් විවෘත වේලාවන් අදාළ සායනවලට පැමිණිය හැකිය.
ජූලි මස මුල සිට කොවිඩ් ආසාදන අඩු වීමෙන් පසු මේ සතියේ එංගලන්තයේ COVID-19 රෝගීන් 20% කට වඩා වැඩි වී ඇති බව The Guardian පුවත්පත වාර්තා කරයි.
බූස්ටර් මාත්‍රාව දැනට ඔස්ට්‍රේලියාවේ සියලුම දරුවන්ට ලබා ගත නොහැක.
කෙසේ වෙතත්, ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම දැනට ළමුන් හට බූස්ටර් මාත්‍රාවට ඉඩ දීම සඳහා ඖෂධ හා චිකිත්සක අධිකාරියේ තීරණය සමාලෝචනය කරමින් සිටී.
ජපානය, තායිවානය සහ හොංකොං ඔවුන්ගේ දේශසීමා නැවත විවෘත කිරීමට සැලසුම් සකස් කර ඇත.
තවමත් ඇතුල්වීමේ සීමාවන් පනවා ඇති එකම රටවල් දෙක වන්නේ චීනය සහ උතුරු කොරියාවයි.
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

