COVID 19 update 20 July: ඔස්ට්‍රේලියාවෙන් ආසාදිතයින් 53,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 90 ක්

2022 ජූලි 20 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Actualización COVID-19: Australia registra más de 53,000 casos positivos por día  y 90 muertes

Source: AAP Image/Joel Carrett

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 90 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 28 ක් ද, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 22 ක් ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 20 ක් ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 15 ක්ද  ඊට ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි මෙම සතියේ දෙවන වරටත් දෛනික නව ආසාදිතයින් 50,000 කට වඩා වාර්තා කළේය.

නව ආසාදන 15,352 ක් සමඟ NSW ප්‍රාන්තය දෛනික ආසදිතයින්ගේ සංඛ්‍යාවේ වැඩිම අගය වාර්තා කර ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් 12,984 ක්ද  සහ ක්වීන්ස්ලන්තය ප්‍රාන්තයෙන් 9,650 ක්ද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
COVID-19 සීමා කිරීම් සහ lockdown කිරීම් නැවත ගෙන ඒමේ හැකියාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර ඇති අතර, පසුගිය ජාතික කැබිනට් රැස්වීමේදී ප්‍රාන්ත අගමැතිවරුන් සහ මහ ඇමතිවරුන් ඒවා ඉල්ලා නොසිටි බව පැවසීය.

තම සේවකයන්ට සේවා ස්ථානයේ මුව ආවරණ පැළඳීම හෝ නිවසේ සිට වැඩ කිරීම අවශ්‍යද යන්න තීරණය කිරීම සේවා යෝජකයන් සතු බව ඔහු පැවසීය.

ප්‍රධාන වෛද්‍ය නිලධාරි Paul Kelly මුව ආවරණ නීති අනිවාර්ය කිරීම නිර්දේශ කර නොමැති බව ද අගමැති Albanese මෙල්බර්න් හිදී මාධ්‍ය වෙත පැවසුවේය.

කෙසේ වෙතත්, ජනාකීර්ණ ගෘහස්ථ ස්ථාන තුළ මුව ආවරණ පැළඳිය යුතු බවට ප්‍රධාන වෛද්‍ය නිලධාරි Paul Kelly ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටී. ඉදිරි මාසය තුළ ඔස්ට්‍රේලියාවේ නව COVID-19 රෝගීන් අඛණ්ඩව ඉහළ යනු ඇති බව ඔහු පැවසීය.

COVID-19 සමඟ මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් විශේෂයෙන් දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය, 80 ට වැඩි පුද්ගලයින් සහ නිර්දේශිත එන්නත් මාත්‍රා සියල්ල ලබා නොගත් අය එලෙස මියා යාමේ අවදානම වැඩි බවත් මහාචාර්ය Kelly සඳහන් කළේය.

සේවකයින්ට නිවසේ සිට රාජකාරී කිරීමට ඉඩ දෙන ලෙස ඔහු සේවා යෝජකයන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ වන විට සිව්වන එන්නත් මාත්‍රාව ලබා ගැනීම තුන් ගුණයකින් වැඩි වී ඇත.

පෙර සතියේ 180,000 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සසඳන විට පුළුල් කළ සුදුසුකම් ඇති පළමු සතිය තුළ සිව්වන මාත්‍රා 560,000 ක් පමණ ලබාදී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පැවසුවේය.

වයස අවුරුදු 30 සහ ඊට වැඩි ගර්භනී කාන්තාවන් සඳහා සිව්වන එන්නත් මාත්‍රාව විශේෂයෙන් නිර්දේශ නොකරන බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම පැවසුවේය.

ගර්භනී කාන්තාවන් ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සහ සිව්වන මාත්‍රාවේ ප්‍රතිලාභ සහ අවදානම් සමාලෝචනය කිරීමට ඔවුන්ගේ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගත යුතුය.

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service