COVID 19 update 01 Aug: ඔස්ට්‍රේලියාවේ Aged care පදිංචිකරුවන් සහ සේවකයින් 10,000 කට පමණ කොවිඩ්

2022 අගෝස්තු 01 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Family members of residents are seen outside Epping Gardens Aged Care Facility in Epping, Melbourne, Tuesday, July 28, 2020. More coronavirus deaths of aged care residents are expected in coming days as Victoria's troubling infection rates continue to spi

Family members outside an aged care facility in Melbourne. (file) Source: AAP Image/Daniel Pockett

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 17 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 07 ක්ද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 05 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 03 ක්ද ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
ඔස්ට්‍රේලියාවේ දැනට නේවාසික aged care මධ්‍යස්ථානවල සක්‍රීය COVID-19 පොකුරු 1,064 ක් ඇති අතර ඒවාට ආසාදිතයින් 9,906 ක් ඇතුළත් වේ.

එම ආසාදිත පුද්ගලයින් 9,906 න් 6,360 ක් aged care මධ්‍යස්ථානවල පදිංචිකරුවන් වන අතර 3,546 ක් කාර්ය මණ්ඩලය වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් පොකුරු 344 ක් වාර්තා වන අතර ඔස්ට්‍රේලියාවේ වැඩිම කොවිඩ් පොකුරු ප්‍රමාණය ලෙස එය සඳහන් වේ. ඊට අමතරව ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් පොකුරු 231 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් පොකුරු 218 ක්ද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් 127 ක්ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් 96 ක්ද වාර්තා වේ.

Aged Care මධ්‍යස්ථානවල සුදුසුකම් ලත් පදිංචිකරුවන්ගෙන් 78.8% කට සිව්වන COVID-19 එන්නත් මාත්‍රාව ලැබී ඇති බව Aged Care ඇමතිනි Anika Wells පැවසුවාය.

අගෝස්තු 01 සිට සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුව විසින් සෑම Aged Care නිවාසයකම පදිංචිකරුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ එන්නත් දත්ත සතිපතා ප්‍රකාශයට පත් කරනු ඇත.
Omicron COVID-19 ප්‍රභේදය හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසා ඇතැම් rapid antigen පරීක්ෂණ කට්ටල වෙළඳපොලෙන් ඉවත් කර නොමැති බව පැහැදිලි කරමින් ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය (TGA) නිවේදනයක් නිකුත් කළේය.

වසංගතය කළමනාකරණය කිරීමේදී rapid antigen පරීක්ෂණ කට්ටල ඉතා වැදගත් බව TGA අවධාරනය කළේය. ඒවා PCR පරීක්ෂණ තරම් සංවේදී නොවන නමුත් ඒවා වේගවත් ලෙස ක්‍රියා කිරීමට හා ප්‍රතිඵල ලබා දීමට සමත් වේ. රෝග ලක්ෂණ ඇති රෝගීන් පරීක්ෂා කිරීමට භාවිතා කරන විට rapid antigen පරීක්ෂණ කට්ටල වඩාත් නිවැරදි බව TGA සඳහන් කරයි.

ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) වයස අවුරුදු 12-17 අතර ළමුන් සඳහා ප්‍රෝටීන් මත පදනම් වූ Novavax COVID-19 එන්නත භාවිතය පිළිබඳ දත්ත සමාලෝචනයක් ආරම්භ කර ඇත.

ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය විසින් ජුලි 28 වන දින Novavax එන්නත තාවකාලිකව අනුමත කරන ලදී.
මාස හයේ සිට අවුරුදු පහ දක්වා ළමුන් සඳහා Moderna Spikevax එන්නත භාවිතා කිරීම පිළිබඳ උපදෙස් අවසන් කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම පැවසීය.

ඉදිරි සතිවලදී, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය පාසල් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට අතිරේක rapid antigen පරීක්ෂණ කට්ටල මිලියන 11.87ක් බෙදා හරිනු ඇත.

දකුණු ඔස්ට්‍රේලියාව සිය නොමිලේ flu එන්නත් කිරීමේ වැඩසටහන අගෝස්තු 31 දක්වා දීර්ඝ කර ඇත.


Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service