SKIP TO MAIN CONTENT

COVID 19 update 05 May: මරණ 50 ක් සමග ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසදිතයින් යළිත් ඉහළ යයි

2022 මැයි 05 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Health care workers administer COVID-19 PCR tests at the St Vincents Drive-through Clinic at Bondi Beach in Sydney
Healthcare workers administer COVID-19 PCR tests at a drive-through clinic on Bondi Beach in Sydney. (file) Source: AAP Image/Bianca De Marchi)

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 50 ක් වාර්තා වී ඇති අතර ඊට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 21 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 14 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 11 ක්ද ඇතුලත්වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ඊට පෙර වාර්තා වූ කොවිඩ් මරණ 06 ක් වාර්තා කර ඇති අතර නව ආසාදිතයින් 10,182 ක් වාර්තා කරයි. එය මේ වසරේ ඔවුන්ගේ වැඩිම දෛනික ආසාදන සංඛ්‍යාව ලෙසද වාර්තා වේ.

අනෙකුත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත ද නව කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා කළේය. ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 18,529ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 11,596 ක්ද වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

NSW ප්‍රාන්තය සිය සතිපතා සෞඛ්‍ය වාර්තාවේ මෑත කාලීනව පැමිණි විදේශ සංචාරකයින් තුළ BA.5 ආසාදන දෙකක් වාර්තා කළේය. නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් මේ දක්වා BA.4 ආසාදන හතක් හඳුනාගෙන ඇත. එම හත් දෙනාගෙන් පස් දෙනෙකු විදේශගත වී යළි පැමිණි  පුද්ගලයෝ වෙති.

අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සහ ගුරුවරුන් සඳහා වන අනිවාර්ය කොවිඩ් එන්නත් කිරීමේ නියෝගය මැයි 13 දිනෙන් අවසන් වුවද ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාව ගත යුතු බව Australian Capital Territory පැහැදිලි කර ඇත.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ජුනි මස අග වන විට සිය emergency management declaration හෙවත් හදිසි කළමනාකරණ තත්ත්වය ඉවත් කිරීමට සැලසුම් කරයි.

එය 2020 මාර්තු 22 පනවනු ලැබූ අතර කොවිඩ් නීති හා සීමා කිරීම් මෙන්ම lockdown පැනවීමට පොලිස් කොමසාරිස්ට සහ ප්‍රාන්තයේ හදිසි සම්බන්ධීකාරකට ඒ හරහා බලතල ලබා දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now