Latest

COVID 19 update 30 September: ඔස්ට්‍රේලියාවේ අනිවාර්ය ස්වයං නිරෝධානය ඔක්තෝබර් 14 සිට අවසන්

2022 සැප්තැම්බර් 30 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NATIONAL CABINET MEETING

(Back row) ACT Chief Minister Andrew Barr, South Australia's Premier Peter Malinauskas, West Australia’s Premier Mark McGowan, Tasmania's Premier Jeremy Rockliff and Northern Territory’s Chief Minister Natasha Fyles (front row) Queensland’s Premier Annastacia Palaszczuk, New South Wales’s Premier Dominic Perrottet, Prime Minister Anthony Albanese, Chief Medical Officer Paul Kelly and Victoria’s Premier Daniel Andrews at a press conference after a National Cabinet meeting at Parliament House in Canberra, Friday, September 30, 2022. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඔක්තෝබර් 14 සිට, COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන ඔස්ට්‍රේලියානුවන් තවදුරටත් ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ගේ ප්‍රධානත්වයෙන් අද පැවති ජාතික කැබිනට් රැස්වීමේදී ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව වසංගත නිවාඩු ආපදා ගෙවීම් ද එදින සිට අවසන් වනු ඇත.

නමුත් කොවිඩ් ආශ්‍රිතව ඉහළ අවදානම් සේවා ස්ථානවල සිටින සේවකයින්ට එහිදී විශේෂ සහායක් ලබා දිය යුතු බව අගමැති Albanese පැවසීය.

දැනට, රෝග ලක්ෂණ නොමැති ඔස්ට්‍රේලියානුවන්ට දින පහක් ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය වේ.
කොවිඩ් වසංගතයට ඔස්ට්‍රේලියාවේ හදිසි ප්‍රතිචාරය බොහෝ විට අවසන් වී ඇති බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly පැවසුවේය.

කෙසේ වෙතත්, වසංගතය අවසන් වී නොමැති බවත්, ඔස්ට්‍රේලියාවේ අනාගත කොවිඩ් රැළි මේ වසර මුලදී දක්නට ලැබුණු රැළිවලට සමාන විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ අඩු COVID ආසාදන, රෝහල්ගත කිරීම්, ICU ඇතුළත් කිරීම් සහ aged-careවල පැතිරීම් අඩු බව ද ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly පැවසුවේය.

මේ අවස්ථාවේ ස්වයං නිරෝධායනය ඉවත් කිරීම මහජන සෞඛ්‍ය දෘෂ්ටි කෝණයෙන් ක්‍රියා කිරීමට සාධාරණ හේතුවක් බව තමා විශ්වාස කරන බව ද ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly සඳහන් කළේය.

පළමු දින දෙක තුන තුළ මිනිසුන්ට වඩාත් බෝවන බවත් රෝග ලක්ෂණ ඇති විට ආසාදනය වීමට වැඩි ඉඩක් ඇති බවත් ස්වේච්ඡාවෙන් ස්වයං නිරෝධායනය වීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහාචාර්ය කෙලී පැවසුවේය.

ss"අපි දැන් බෝවන පුද්ගලයින් ප්‍රජාවට යාම නවත්වන්නේ නැහැ, අනාගතයේදී ද අපි එසේ කරනවා. මෙම වයිරසයේ බෝවන බව වෙනස් කර නැහැ." යනුවෙන් ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly සඳහන් කළේය.
උපදෙස් සහ තත්ත්වයන් මත පදනම්ව රජය සිය ස්ථාවරය වෙනස් කරන බව අගමැති Albanese පැවසීය. ජනතාව එන්නත් ලබා ගැනීම සඳහා අඛණ්ඩව දැනුවත් කිරීමේ ව්‍යාපාර දියත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව නායකයින් සාකච්ඡා කර ඇති බව ද ඔහු පැවසීය.

කොවිඩ් අවදානම් සහිත ක්ෂේත්‍ර සඳහා නොකඩවා සහාය ලබා දෙන බවත් මෙම ගැටළු දිගටම නිරීක්ෂණය කරන බවත් දෙසැම්බර් මාසයේදී තවත් සාකච්ඡාවක් පවත්වන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

කොවිඩ් රෝගය ඉන්ෆ්ලුවන්සා රෝගය මෙන් නොසැලකිය යුතු බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ මහාචාර්ය Steve Robson අනතුරු ඇඟවූයේය.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න


Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service