SKIP TO MAIN CONTENT

COVID 19 update 04 November: ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය නුදුරේදීම 80% ඉක්මවා යයි

2021 නොවැම්බර් 04 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

House in the Sydney suburb of Blacktown lit up for Diwali
House in the Sydney suburb of Blacktown lit up for Diwali. Source: SBS

3 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS



Skip to article content

ඔස්ට්‍රේලියාවේ අවුරුදු 5 ත් 11 ත් අතර වයසේ පසුවන දරුවන්ට Pfizer එන්නත ලබාදීමට අනුමැතිය ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය වෙත Pfizer සමාගම අයදුම් කර තිබෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

ඒ අනුව අදාළ වයස් ඛාණ්ඩයේ පසුවන දරුවන්ට Pfizer එන්නත ලබාදීම සඳහා ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරියේ අනුමැතිය ඉක්මණින් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තවද ඉදිරි දින කිහිපය තුළදී ඔස්ට්‍රේලියාව පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජනගහනයේ 80% සීමාව ඉක්මවනු ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය

මේ අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නගරයක් වන Goondiwindi හි නව කොවිඩ් රෝගීන්හමුවන බැවින් එහි නව කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.

කෙසේනමුත්, එම නගරය lockdown නොකරන බව වාර්තා වේ.

මේ අතර ඇතැම් ඔස්ට්‍රේලියානුවාසීන් අද දිනයේ දිවාලි උත්සවය සමරන බැවින් NSW බහු සංස්කෘතික සන්නිවේදන සේවාව උපදෙස් කිහිපයක් ලබා දී තිබේ.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,247 ක් සමග කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 308 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 4 ක්ද වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු හමුවී තිබේ.

කොවිඩ් එන්නත ලබා දීම

නොවැම්බර් 8 සිට කොවිඩ් බූස්ටර් එන්නත ලබා දීමට Northern Territory කටයුතු කර තිබේ. මේ මොහොතේදී කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගැනීම කිසිම පුද්ගලයෙකුට අනිවාර්ය නොවේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now