COVID update 25 March: ඔස්ට්‍රේලියාවේ ජෛව ආරක්ෂණ හදිසි රෙගුලාසි අප්‍රේල් 17න් පසුව අලුත් නොකෙරේ

2022 මාර්තු 25 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Australia will not renew the biosecurity emergency determination after 17 April

Australia will not renew the biosecurity emergency determination after 17 April Source: Getty Images

Highlights

  • COVID-19 සිට ශීත සෘතුවට යාමේදී දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් සඳහා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශන කණ්ඩායම (ATAGI) කොවිඩ් එන්නතේ සිව්වන මාත්‍රාව නිර්දේශ කර ඇත.
  • සිව්වන මාත්‍රාව ලබා ගැනීම ආරම්භක බූස්ටර් මාත්‍රාව ලබා මාස හතරක් ගතවීමෙන් පසු ලබාගත යුතු බව ATAGI පවසයි.
  • වයස අවුරුදු 65 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන්, වයස අවුරුදු 50 ට වැඩි ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වැසියන්, aged care සහ disability careවල  පදිංචිකරුවන් සහ දරුණු ලෙස ප්‍රතිශක්තිය අඩු වී ඇති වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් මෙම සිව්වැනි මාත්‍රාව සඳහා සුදුසුකම් ලබයි.
  • මෙම ශීත සෘතුවේදී ඔස්ට්‍රේලියානුවන් වඩාත් අවදානමට ලක්ව සිටින නිසා ඔස්ට්‍රේලියාව සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා එන්නත් සඳහා ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් ආයෝජනය කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt නිවේදනය කළේය.
  • එන්නත් ලබාදෙන සායන වෙතින් එකම ගමනකදී ඉන්ෆ්ලුවෙන්සා සහ COVID-19 එන්නත් ලබා ගැනීම ආරක්ෂිත බව ATAGI හි වෛද්‍ය උපදෙස් උපුටා දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
  • අප්‍රේල් 17 න් පසු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ජෛව ආරක්ෂණ හදිසි රෙගුලාසි අලුත් නොකරන බවද සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
  • ඔස්ට්‍රේලියාවට ඇතුළු වීම සඳහා සංචාරකයින්ට තවදුරටත් ගුවන් ගතවීමට පෙර COVID පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය නොවන බව එයින් අදහස් වේ.
  • සිංගප්පූරුව අප්‍රේල් 1 වැනිදා සිට සම්පූර්ණයෙන් එන්නත් කළ සංචාරකයින්ට නිරෝධායනයකින් තොරව තම රටට ඇතුළුවීමට අවසර දෙයි. අදාළ සංචාරකයින්ට සිංගප්පූරුවට පැමිණීමේදී COVID පරීක්ෂණයක් කිරීමට තවදුරටත් අවශ්‍ය නොවනු ඇත, නමුත් ඔවුන් තවමත් පිටත් වීමට පෙර පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සුදුසුකම් ලත් ව්‍යාපාර සහ ලාභ නොලබන සංවිධානවලට අද සිට (25/03) Rapid Antigen පරීක්ෂණ කට්ටල (RATs) පිරිවැයෙන් 50% ක් ලබාගැනීමට අයදුම් කළ හැකිය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 23,702
  • කොවිඩ් මරණ - 07
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,182
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 43

වික්ටෝරියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 9,244
  • කොවිඩ් මරණ - 09
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 253
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 10

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 9,730
  • කොවිඩ් මරණ - 03
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 265
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 14

ටස්මේනියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 1,825
  • කොවිඩ් මරණ - 01
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 25

ACT

  • කොවිඩ් ආසාදිතයින් - 1,122
  • කොවිඩ් මරණ - 01
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 42
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 03


 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.


 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

 


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now