ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 12 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 4 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් 5 ක්ද ඊට ඇතුලත්වේ.
ගතවූ පැය 24 තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාදිතයින් 12,266 ක් වාර්තා වූ අතර එය ඊට පෙර දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා තරමක අඩුවීමකි. එමෙන්ම මීට පෙර සිදුවූ එක් කොවිඩ් මරණයක්ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් වාර්තා වේ.
බදාදා සිට COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන අයට දුරකථනයෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ඔවුන් ඔවුන්ගේ ධනාත්මක PCR ප්‍රතිඵලයේ දිනය සහ වේලාව හෝ ඔවුන්ගේ RAT පරීක්ෂණයේ serial අංකය සැපයීමට අවශ්‍ය වේ.
Northern Territory යේ කොවිඩ් එන්නත් නොලද හෝ අර්ධ වශයෙන් එන්නත් කරන ලද සමීප ආශ්‍රිතයින් මුව ආවරණයක් පැළඳ වෙනත් අයගෙන් මීටර් 1.5 ක දුරක් පවත්වා ගන්නේ නම් මැතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිරෝධයනයෙන් පිටතට පැමිණිය හැකිය.
අනෙකුත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි මෙන් නොව, කොවිඩ් එන්නත් නොකළ සහ අර්ධ වශයෙන් එන්නත් කරන ලද සමීප ආශ්‍රිතයින් තවමත් Northern Territory හි නිරෝධායනය වීමට අවශ්‍ය වේ.
ඔස්ට්‍රේලියාව පසුගිය දින හත තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) නව COVID-19 රෝගීන් 319,061 ක් වාර්තා කළේය. පසුගිය සතියේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ ලොව සිව්වන ඉහළ රට බවට ඒ අනුව ඔස්ට්‍රේලියාව පත්විය. එහි පළමු ස්ථානය ඇමෙරිකාවටත් (562,313) දෙවැනි ස්ථානය ජර්මනියටත් (406,556) තුන්වන ස්ථානය චීනයටත් (341,687) හිමිවිය.
Pfizer එන්නතෙහි දෙවන සහ තුන්වන මාත්‍රාවෙන් පසු Omicron ප්‍රභේදයට එරෙහි ප්‍රතිශක්තිය වේගයෙන් මැකී යන බව Jama Open Network හි ප්‍රකාශයට පත් කළ සමාලෝචනය කරන ලද අධ්‍යයනයක් කියා සිටියි.
2021 ජනවාරි සහ ඔක්තෝබර් අතර කාලය තුළ Pfizer එන්නතේ මාත්‍රා දෙකක් හෝ තුනක් ලබා ගත් හෝ 2021 පෙබරවාරියට පෙර ආසාදනය වී පසුව එන්නත් ගත් ඩෙන්මාර්ක වැඩිහිටියන් 128 දෙනෙකු ආශ්‍රිතව මෙම අධ්‍යයනය සිදු කරන ලදී.

