COVID 19 update 21 Feb: ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත වන විට බටහිර ඔස්ට්‍රේලියාවේ කොවිඩ් නීති දැඩි කරයි

2022 පෙබරවාරි 21 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Sisters Hannah (left) and Nina (right) Muehlenberz reunited after three years apart when the first international flight arrived in Brisbane today.

Sisters Hannah (left) and Nina (right) Muehlenberz reunited after three years apart when the first international flight arrived in Brisbane today. Source: AAP Image/Darren England

Highlights

  • දින 700 කට වැඩි කාලයක් වසා දැමීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් අද (21/02) සිට කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයින්ට ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කෙරුණි.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අද සිට සිය කොවිඩ් නීති යළි සංශෝධනය කරනු ඇත. ඒ අනුව බොහෝ කලාපවල නිවසේදී උපරිම පුද්ගලයින් 30 දෙනෙකුට සහ එළිමහනේ උපරිම පුද්ගලයන් 200 දෙනෙකුට රැස්වීම් සඳහා සීමාවන් නැවත හඳුන්වා දෙනු ඇත.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ hospitality ස්ථාන, කාය වර්ධන මධ්‍යස්ථාන, විනෝදාස්වාද සපයන සහ සංස්කෘතික ස්ථාන, පූජනීය ස්ථාන, කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන, රූපලාවන්‍ය සේවා සහ රාත්‍රී සමාජශාලා සඳහා වර්ග මීටර් 2ක එක් පාරිභෝගිකයෙකු සිටිය යුතු යන නීතිය අනුගමනය කරමින් පාරිභෝගික සීමාවන් බොහෝ ප්‍රදේශවල නැවත හඳුන්වා දෙනු ඇත.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආබාධිත සේවා මධ්‍යස්ථාන සහ aged care මධ්‍යස්ථානවල  සිටින පුද්ගලයින් මෙන්ම රෝහල්වල සිටින රෝගීන් බැලීම සඳහා දිනකට අමුත්තන් හතර දෙනෙකුට පමණක් අවසර දෙනු ලැබේ.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිවසින් බැහැර සෑම ගෘහස්ථ ස්ථානයකම මුව ආවරණ පැළඳීම යළි අනිවාර්ය කෙරේ.
  • Omicron පැතිරීම හේතුවෙන් බලාපොරොත්තු වූවාට වඩා දැඩි ග්‍රීෂ්ම සෘතුවකින් ගොඩ ඒම සඳහා hospitality සහ විනෝදාස්වාද කර්මාන්තයට සහාය වීම පිණිස වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 200 ක ව්‍යාපාරික උත්තේජක වැඩසටහනක් දියත් කරන ලදී.
  • ඩොලර් 40 ත් 500 ත් අතර බිල්පත් සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ආහාර පාන ගැනීමේ ව්‍යාපාරික ස්ථානවලින් 25% ක වට්ටමක් පිරිනමනු ලැබේ. විනෝදාස්වාද සපයන ස්ථාන සහ සංචාර සඳහා ද වවුචර් පිරිනැමේ. මහජනයාට නිකුත් කිරීමට පෙර ඒ සඳහා ලියාපදිංචි වීමට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රමුඛතාව ලැබෙනු ඇත.
  • දෙවන එලිසබෙත් රැජිණ හට කොවිඩ් වයිරදය ආසාදනය වී තිබේ. ඇය සෙම්ප්‍රතිශ්‍යාව වැනි මද රෝග ලක්ෂණ අත්විඳින බවත්, ඇයගේ වින්ඩ්සර් නිවසේ සැහැල්ලු රාජකාරි දිගටම කරගෙන යාමට අපේක්ෂා කරන බවත් Buckingham මාළිගාව පවසයි.
  • ප්‍රාන්තය පුරා elective සැත්කම් අත්හිටුවීම මේ මාසය අවසන් වන තෙක් පවතිනු ඇති බව ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය ඇමතිනි Yvette D'Ath පැවසුවාය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 4,916 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 7 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,288 ක් රෝහල්ගත කර ඇති අතර 74 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,611 ක් සමග කොවිඩ් මරණ 3 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 361 ක් රෝහල්ගත කර ඇති අතර 49 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 4,114 ක් සමග කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 401 ක් රෝහල්ගත කර ඇති අතර 37 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 569 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 10 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 458 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා වේ. එමෙන්ම ACT  හි මේ වන විට කොවිඩ් රෝගීන් 37 ක් රෝහල්ගත කර ඇති අතර එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ සිටියි.

ගතවූ පැය 24 තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 224 ක් වාර්තා වේ.


 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.  


 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

4 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now