COVID 19 update 19 April: කොවිඩ් ආසාදනය වී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු රෝහල් ගත කෙරේ

2022 අප්‍රේල් 19 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Australian all-rounder Mitch Marsh (file).

Australian all-rounder Mitch Marsh (file). Source: Jason O'Brien/PA Wire.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Mitchell Marsh ඉන්දියාවේදී COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු රෝහල් ගත කර ඇත.

Marsh මේ වන විට ඔස්ට්‍රේලියානු 20-20 ක්‍රීඩක ඩේවිඩ් වෝනර් සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Delhi Capitals කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.

සහායක කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු තවත් සාමාජිකයින් කිහිප දෙනෙකු හටම කොවිඩ් ආසාදනය වී ඇති බව Delhi Capitals නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඔවුන් සියල්ලන්ටම කොවිඩ් රෝග ලක්ෂණ නොමැති නමුත් ඔවුන්ගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනු ලැබේ.

COVID-19 ආසාදනය වූ පුද්ගලයින්ගේ නිවසේ සිටින පුද්ගලයින්ට දැනට පවතින දින හතක හුදකලා කාලය ඉවත් කරන ලෙස Business NSW සහ වික්ටෝරියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ඉල්ලා තිබේ.

කාර්ය මණ්ඩල හිඟය සඳහා ව්‍යාපාරික කණ්ඩායම් මෙම හුදකලාවීමේ අවශ්‍යතාවලට දොස් පවරයි.

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත සාප්පු සංකීර්ණවල සහ උත්සවවල COVID-19 එන්නත් තොරතුරු ජංගම මධ්‍යස්ථාන විවෘත කර ඇත.

අප්‍රේල් 18 සිට 24 දක්වා පහත මධ්‍යස්ථාන වලදී තොරතුරු ලබාගෙන කොවිඩ් එන්නත් වෙන්කරවා ගැනීමට දැන් ඔස්ට්‍රේලියානුවාසීන්ට හැකිය:

  • NSW – Penrith, Westfield Penrith
  • NSW – Campsie, Campsie SC
  • QLD – Broadbeach, Pacific Fair
  • QLD – Brown Plains, Grand Plaza
  • VIC – Dandenong, Dandenong Plaza
  • VIC – Narre, Warren Westfield Fountain Gate

ඔස්ට්‍රේලියාව සඳහාවූ COVID-19 සම්බන්ධ ජෛව ආරක්ෂණ හදිසි නීති පසුගිය අප්‍රේල් 17 වැනිදායින් අවසන් විය. ඒ අනුව ඔස්ට්‍රේලියාවට ඇතුළු වන සංචාරකයින්ට තම රටින් පිටත්වීමට පෙර සෘණාත්මක ප්‍රතිඵලයක් සහිත කොවිඩ් පරීක්ෂණයක් අවශ්‍ය නොවන අතර cruise යාත්‍රාවලට ඕස්ට්‍රේලියාවට ඇතුළු විය හැකිය.

Rapid antigen පරීක්ෂණ කට්ටලවල මිල වැඩි කිරීමේ නීති ද අවලංගු වී ඇත.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවට සහ ඉන් පිටත සිටින ජාත්‍යන්තර සංචාරකයින් තවමත් වෛද්‍ය උපදෙස් මත පදනම්ව ජාත්‍යන්තර ගුවන් ගමන්වලදී ද්විත්ව එන්නත් මාත්‍රා ලබාගත් බවට වූ සාක්ෂි සැපයීම සහ මුව ආවරණ පැළඳීම අවශ්‍ය වේ.


 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

2 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now