COVID 19 update 11 April: ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය සඳහා COVID ආරක්ෂණ ක්‍රම හෙළි කරයි

2022 අප්‍රේල් 11 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Members of the public casting their vote in Western Australia. (file)

Members of the public casting their vote in Western Australia. (file) Source: AAP Image/Richard Wainwright

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සති අන්තයේ නව COVID-19 රෝගීන්ගේ අඩුවීමක් වාර්තා කළේය. NSW ප්‍රාන්තය සඳුදා කොවිඩ් රෝගීන් 13,468 ක් වාර්තා කළ අතර එය ඉරිදා 15,683 ක් සහ සෙනසුරාදා 17,597 ක් විය.


වික්ටෝරියා ප්‍රාන්තයේ ද්විත්ව එන්නත් කරන ලද සිසුන්ට එන්නත් නොකළ සිසුන්ට වඩා COVID වැළඳීමේ සම්භාවිතාව 60% කින් අඩු බව ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Brett Sutton ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය. එමෙන්ම කොවිඩ් එන්නතේ මාත්‍රා තුනක් ලබා ගත් සිසුන්ට වයිරසය ආසාදනය වීමේ සම්භාවිතාව 67% කින් අඩු බවත් ඔහු පැවසීය.
ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) විසින් මැයි 21 වන දින පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට පෙර COVID-19 ආරක්ෂණ පියවර කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත.

ජනතාවගේ කොවිඩ් එන්නත් තත්ත්වය නොසලකා ඡන්දය සඳහා ලියාපදිංචි වූ සියලුම ඔස්ට්‍රේලියානුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ සේවාවන් විවෘත කරන බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පැවසීය.

දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා සහභාගිවන්නන්ගේ කොවිඩ් එන්නත් තත්ත්වය පරීක්ෂා කිරීමට තමන්ට බලතල නොමැති නමුත් රැකියා කොන්දේසියක් ලෙස තාවකාලික මැතිවරණ සේවකයින්ට COVID-19 එන්නත ලබාගත යුතු බවට නීති පැනවිය හැකි බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පැවසීය.

මෙම සැකසීම් තුළ ඇති ඉහළ COVID-19 අවදානම හේතුවෙන් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ ඡන්දය ප්‍රකාශ කිරීම් ලබාගන්නා ජංගම  කණ්ඩායම් සියලුම aged care පහසුකම් හෝ රෝහල් වෙත පැමිණීමට ඉඩක් නැත.

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වේ.

COVID-9 ආරක්ෂක පියවරයන් හේතුවෙන් ඡන්දදායකයින්ට ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රමාදයන්ට මුහුණ දිය හැකි බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පැවසීය.

මැතිවරණ දින උදෑසන COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන සහ තවමත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ අය සඳහා දුරකථනයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ විකල්පයක් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ ප්‍රධානී Tom Rogers, Radio National වෙත ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 12 සිට 15 දක්වා ළමුන් සඳහා COVID-19 බූස්ටර් මාත්‍රාව භාවිතා කිරීම සඳහා ජාත්‍යන්තර සාක්ෂි සමාලෝචනය කිරීම නොකඩවා කරගෙන යන බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික කණ්ඩායම (ATAGI) පැවසුවේය.

වයස අවුරුදු 12-15 අතර නව යොවුන් වියේ පසුවන අයට Pfizer COVID-19 බූස්ටර් මාත්‍රාවක් ලබා ගැනීමට අවශ්‍ය බව නිර්දේශ නොකරන බව ATAGI පැවසීය.

මෙම වයස් ඛාණ්ඩයේ පිරිස් වෙත Pfizer එන්නත භාවිතය සඳහා ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය (TGA) දැනටමත් අනුමැතිය ලබා දී ඇත.

මෙම වසර මුලදී ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික කණ්ඩායම විසින් වයස අවුරුදු 16 සහ 17 ළමුන් සඳහා Pfizer booster මාත්‍රාව අනුමත කර ඇත.

ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි කර ඇති සියලුම COVID-19 එන්නත් ආරක්ෂිත සහ ගැඹුරු අධ්‍යනයක් යටතේ පරිපාලනය සඳහා සුදුසු ඒවා ලෙස සලකන බව ද ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික කණ්ඩායම පවසයි.


ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

 


Share

Published

Updated

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service