Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් අවම වශයෙන් කොවිඩ් මරණ 77 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 37 ක්ද සහ වික්ටෝරියා ප්‍රාන්තයෙන් හා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවලින් කොවිඩ් මරණ 18 බැගින් ද ඊට ඇතුළත් වේ.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
අදාළ යෝජනාව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රධාන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබුවහොත් වික්ටෝරියා, ක්වීන්ස්ලන්ත, ටස්මේනියා ප්‍රාන්ත සහ ACT මෙම පියවරට සහාය දැක්විය හැකිය.
අනිවාර්ය COVID-19 හුදකලා කිරීම සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ජාතික සභාපතිි Gerard Hayes, ABC උදාසනා වැඩසටහන වෙත පැවසුවේය. ඔහු කියා සිටියේ කොවිඩ් රෝගයට flu රෝගයට මෙන් සැලකිය යුතු බවයි.
COVID-19 වෙතින් හදිසි ප්‍රතිකාර අංශ සඳහා ඇති ඉල්ලුම පහසු කර ගැනීම සඳහා වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල හදිසි සත්කාර සේවා මධ්‍යස්ථාන 25 බැගින් පිහිටුවනු ඇත.
පවුලේ වෛද්‍යවරුන්ගේ හවුල්කාර සේවාවන් මෘදු ආසාදන, අස්ථි බිඳීම් සහ පිළිස්සුම් වැනි තත්වයන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබා දෙනු ඇත.
අදාළ ළමුන්ගෙන් 41% ක් පමණ කොවිඩ් වසංගතය ඔවුන්ගේ යහපැවැත්මට අහිතකර බලපෑමක් වාර්තා කර ඇත.
ළමුන් සඳහා ඇති ප්‍රධාන ගැටලුව වන්නේ සමාජීය බැඳීම් නොමැතිකම සහ විස්තෘත පවුල සමඟ සම්බන්ධතා නොමැතිකම බව සමීක්ෂණය සඳහන් කළේය.
අලසකම, ඉගෙනීමේ සහාය නොමැතිකම සහ ඩිජිටල් තාක්ෂණයට ප්‍රවේශ විය නොහැකි වීම නිසා බොහෝ දරුවන්ට දුරස්ථ ඉගෙනීමට ගැටළු ඇතිවී ඇති බව වාර්තා විය.
කෙසේ වෙතත්, ඇතැම් දරුවන් නිවසේ අවධානය වෙනතකට යොමු නොකිරීම, ඉහළ ඵලදායිතාව සහ නම්‍යශීලී බව වැනි ධනාත්මක අත්දැකීම් බෙදාහදා ගත්හ.
ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට පාසල් සහ මානසික සෞඛ්‍ය සේවාවලින් වඩා හොඳ සහයෝගයක් අවශ්‍ය බව සමීක්ෂණයෙන් පෙන්නුම් කළේය.
ප්‍රධාන මානසික සෞඛ්‍ය සේවා කිහිපයක් පහතින් දැක්වේ:
Kids Helpline: 1800 55 1800
Beyond Blue: 1300 22 4636
*********************************************
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

