COVID19 update 13 Sept: ඔස්ට්‍රේලියාව බහුවිධ උප ප්‍රභේදවලට එරෙහි Moderna bivalent බූස්ටර් මාත්‍රාව අනුමත කරයි

2022 සැප්තැම්බර් 13 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

VICTORIA CORONAVIRUS COVID19

A health care worker administers a COVID-19 vaccine at the BAPS Swaminarayan Mandir in Melbourne. (file) Source: AAP / JAMES ROSS/AAPIMAGE

Highlights

ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා Moderna's bivalent බූස්ටර් මාත්‍රාව අනුමත කර ඇත.

මෙම නව බූස්ටර මාත්‍රාව Omicron හි මුල් උප ප්‍රභේදවලට සහ බහුවිධ උප ප්‍රභේදවලට එරෙහිව වඩා හොඳ ආරක්ෂාවක් සපයයි.

මෙහි පළමු එන්නත් තොගය ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බවත් ඒවා පරීක්ෂාවට ලක් කරමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

දැනට පවතින Moderna හි COVID-19 එන්නත් තොග අවසන් වූ පසු නව තොගය නිකුත් කෙරේ.

Moderna bivalent එන්නත මුල් එන්නත හා සසඳන විට BA.1 සහ BA.4/BA.5 ඇතුළු බහු Omicron උප ප්‍රභේදවලට එරෙහිව 1.6 සිට 1.9 ගුණයක ඉහළ ප්‍රතිදේහ ප්‍රතිචාරයක් ජනනය කරන බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) පැවසුවේය.

Moderna bivalent එන්නතෙහි දෙවන බූස්ටර මාත්‍රාවෙන් පසුව වඩාත් බහුලව වාර්තා වූ අහිතකර ප්‍රතික්‍රියා වූයේ එන්නත් කරන ස්ථානයේ වේදනාව, තෙහෙට්ටුව සහ හිසරදය බවද ඔවුහු පැවසුහ.

Moderna bivalent එන්නතෙහි ආරක්ෂාව අනෙකුත් Moderna mRNA එන්නත් වලට වඩා වෙනස් යැයි විශ්වාස කිරීමට හේතුවක් නැති බවද ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම සඳහන් කළේය.

ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම බූස්ටර් මාත්‍රා සඳහා එහි වත්මන් නිර්දේශය පවත්වා ගෙන ගොස් ඇත.

වෙනත් අවදානම් සාධක නොමැතිව වයස අවුරුදු 30-49 අතර පුද්ගලයින්ට ඔවුන්ගේ දෙවන බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම තවමත් විකල්පයකි.

වයස අවුරුදු 50 සහ ඊට වැඩි පුද්ගලයින් දෙවන බූස්ටර් මාත්‍රාව සඳහා සුදුසුකම් ලබයි.

දින පහකට පසු ස්වයං නිරෝධායන කාලය අවසන් කරන පුද්ගලයින් තම නිවසින් පිටත තවත් දින දෙකක් මුව ආවරණ පැළඳිය යුතු බව Northern Territory ය පවසයි.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

Register your RAT results here, if you're positive

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

Before you head overseas, check the latest travel requirements and advisories

Here is some help understanding COVID-19 jargon in your language

Read all COVID-19 information in your language on the SBS Coronavirus portal


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now