COVID 19 update 23 June: නව ප්‍රභේද නිසා බූස්ටර් මාත්‍රා ලබා ගන්නා ලෙසට ඔස්ට්‍රේලියානුවන් වෙත ඉල්ලීමක්

2022 ජුනි 23 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Australian Wiradjuri elder and Indigenous rights activist Aunty Jenny Munro gestures after receiving a Covid-19 vaccine at a pop-up vaccination clinic at the National Centre of Indigenous Excellence in Redfern, Sydney, Saturday, September 4, 2021.

Australia has launched an $11 million ad campaign in 32 languages to encourage residents to take their third and fourth COVID booster doses. (file) Source: AAP Image/Dan Himbrechts

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 44 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 26 ක්ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 09 ක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 05 ක්ද ඊට ඇතුලත්වේ.

එමෙන්ම බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 08 ක්ද වාර්තා වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රෝහල්ගත වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. අද වන විට එම සංඛ්‍යාව 512 ක් ලෙස වාර්තා වූ අතර අප්‍රේල් 28 න් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසද සටහන් වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
තුන්වන සහ සිව්වන COVID බූස්ටර් මාත්‍රාව ගැනීමට සුදුසුකම් ලත් ජනතාව දිරිමත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ගුවන්විදුලි නාලිකා හරහා භාෂා 32 කින් ඩොලර් මිලියන 11 ක දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර ඇත.

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන් මිලියන හයකට වඩා වැඩි පිරිසක් ඔවුන්ගේ තුන්වන එන්නත් මාත්‍රාව තවමත් ලබාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය. Omicron ප්‍රභේදයේ BA.4 සහ BA.5 උප ප්‍රභේද ඉදිරි සතිවලදී නව ආසාදන ඇති කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

මෙම දැන්වීම් ව්‍යාපාරය තම දරුවන්ට කොවිඩ් වයිරසයට එරෙහිව එන්නත් ලබා දීමට දෙමාපියන් දිරිමත් කරන බව ද සෞඛ්‍ය අමාත්‍ය Butler සඳහන් කළේය. වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් සඳහා වත්මන් කොවිඩ් එන්නත් අනුපාතය අවුරුදු 12 සිට 15 දක්වා වූ 80% ට සියයට 40% කි.

COVID-19 සඳහා ප්‍රතිකාර කිරීම සඳහා oral tablets සලකා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍ය Butler වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් දිරිමත් කළේය. මෙම පෙති දෙකක් දරුණු රෝග සහ මරණයට එරෙහිව ප්‍රබල ආරක්ෂාවක් සපයන බවද ඔහු පැවසීය. ඒවා Pharmaceutical Benefits වැඩසටහන යටතේ ලබාගත හැකි බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් ගමන් වලදී මුව ආවරණ ඉවත් කිරීම පිළිබඳව තමාට තවමත් උපදෙස් ලැබී නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය. අභ්‍යන්තර ගුවන් ගමන්වල මුව ආවරණ පිළිබඳව තීරණය කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් සතු බවද ඔහු පැවසීය.

BA.5 සහ BA.4 ආසාදන ගෝලීය වශයෙන් ඉහළ යමින් පවතින බව පසුගිය සතියේදී තම නවතම වාර්තාව හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය. BA.5 රටවල් 62 ක හඳුනාගෙන ඇති අතර BA.4 රටවල් 58 ක පවතී.

ඇතැම් රටවල එය රෝගීන්ගේ වැඩිවීම, රෝහල්ගතවීම් සහ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීම් ඉහළ යාමට හේතු වී ඇති බව එහි සඳහන් වේ.

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 23 June: නව ප්‍රභේද නිසා බූස්ටර් මාත්‍රා ලබා ගන්නා ලෙසට ඔස්ට්‍රේලියානුවන් වෙත ඉල්ලීමක් | SBS Sinhala