COVID 19 update 18 March: තෙවන කොවිඩ් එන්නතත් ගන්නැයි, සෞඛ්‍ය බලධාරීන් ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලයි

2022 මාර්තු 18 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A woman is seen receiving her COVID-19 vaccination in Melbourne.

ATAGI has updated its advice on COVID-19 vaccination. Source: AAP

Highlights

  • තම COVID-19 බූස්ටර එන්නත ගන්නා ලෙස තවමත් ලබාගෙන නොමැති ඕස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය බලධාරීන් ඉල්ලයි. එමෙන්ම ඉදිරි සති වලදී කොවිඩ් ආසාදිතයින් ඉහල යන බවටද අපේක්ෂා කෙරේ.
  • මේ වනවිට ක්‍රමයෙන් පැතිරී යන Omicron BA.2 උප ප්‍රභේදය, Omicron BA.1 උප ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණය විය හැකි බවට සැලකේ.
  • වයස අවුරුදු 16ට වැඩි ඕස්ට්‍රේලියානුවන්ගෙන් 66 %ක් COVID-19 එන්නත් මාත්‍රා දෙකකට වඩා ලබාගෙන ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.
  • Booster එන්නත බොහෝ විට අනිවාර්ය නොවන නමුත් COVID-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා වයස අවුරුදු 16 සහ ඊට වැඩි සෑම දෙනාටම එය නිර්දේශ කෙරේ.
  • නව Omicron BA.2 උප ප්‍රභේදය මගින් NSW ප්‍රාන්තයේ නව කොවිඩ් රැල්ලක් ඇතිවන බව දකුණු ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයෙකු වන Adrian Esterman පවසයි.
  • 2019 වසරෙන් පසු වසංගතය හේතුවෙන් චීනය මේ වනවිට දැඩි පීඩනයකට පත්ව ඇති අතර තම රට zero-Covid උපායමාර්ග අනුගමනය කරන බව චීන ජනපති Xi Jinping පවසයි.
  • වැඩි සම්ප්රේෂණයක් සහිත Omicron ප්‍රභේදය මෙම උපායමාර්ගය සඳහා දැඩි බලපෑමක් සිදු කරන අතර චීනයේ මිලියන 17.5 ක් වෙසෙන Shenzhen ඇතුළු නගර වසා දමා තිබේ.
  • චීනය මීට පෙර සතියකට කොවිඩ් ආසාදිතයින් 100කට වැඩ අඩුවෙන් වාර්තා කලද මේ වනවිට එය දිනකට 1,000 ඉක්මවයි.
  • මේ වනවිට පුද්ගලයින් දහස් ගණනක් නිවාස තුල සිටීම සිදු කරන අතර බ්‍රහස්පතින්දා රෝගීන් 2,400 කට වැඩි 
  • සන්ක්යාවක් වාර්තා වූ බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව පවසයි.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 20,050
  • කොවිඩ් මරණ - 6
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,060
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 32

වික්ටෝරියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 9,752
  • කොවිඩ් මරණ - 9
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 199
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 23

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 6,103
  • කොවිඩ් මරණ - 11
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 245
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 20

ටස්මේනියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 1,779
  • කොවිඩ් මරණ - 0
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 23
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 3

ACT

  • කොවිඩ් ආසාදිතයින් - 1,123
  • කොවිඩ් මරණ - 0
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 37
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 4

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

3 min read

Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now