Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් අවම වශයෙන් කොවිඩ් මරණ 66 ක්වා0ර්තා වී ඇති අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 24 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 21 ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 11 ක්ද ඊට ඇතුළත් වේ.
ඔස්ට්‍රේලියාවේ දේශසීමා නැවත විවෘත කිරීම සහ අපනයන අංශයේ වර්ධනය හේතුවෙන් ජුනි කාර්තුවේදී (අප්‍රේල් 1 සිට 30 ජුනි දක්වා) ඔස්ට්‍රේලියානු ආර්ථිකය 0.9% කින් වර්ධනය වී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්නුම් කරයි.
මෙම ආර්ථික වර්ධනය වසංගතයට පෙර පැවති අනුපාතවලට සමීප වෙමින් පවතින බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට ඔස්ට්‍රේලියානු ළමුන් 1,700 කට අවම වශයෙන් එක් දෙමාපියෙකු හෝ අහිමි වන්නට ඇතැයි ගණන් බලා ඇත.
කොවිඩ් වසංගතය තුළ දරුවන් මිලියන 10.5 කට වඩා වැඩි පිරිසකට දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි වූ බව JAMA Network හි ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය අධ්‍යයනයකින් පෙන්නුම් කළේය.
මිය ගිය දරුවන් වැඩිම සංඛ්‍යාවක් සිටින රටවල් අතර බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, නේපාලය, කොංගෝ ජනරජය, ඉතියෝපියාව, කෙන්යාව, නයිජීරියාව සහ දකුණු අප්‍රිකාව ඇතුළත් වේ.
නව බූස්ටර් එන්නත් වර්තමාන කොරෝනා වයිරස් ප්‍රභේදවලට එරෙහිව ආරක්ෂාව සපයන බව වාර්තා වන බැවින් ඇමරිකාව වාර්ෂිකව COVID එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කරයි.
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

