COVID 19 update 18 Feb: වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවැසියන්ට අද සිට අමතර නිදහසක්

2022 පෙබරවාරි 18 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People wear face masks in Circular Quay in Sydney, Australia.

People wear face masks in Circular Quay in Sydney, Australia. Source: Getty Images AsiaPac

Highlights

  • මැද පෙරදිග උපන් පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ පුද්ගලයින්ගේ කොවිඩ් මරණ අනුපාතය මෙන් දස ගුණයකට වඩා වැඩි බව නවතම දත්ත පෙන්වා දෙයි.
  • වසර දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ ඔස්ට්‍රේලියානු දේශ සීමා ලබන සඳුදා සිට ජාත්‍යන්තර සංචාරකයින්ට යළි විවෘත කෙරේ. නමුත් ඔස්ට්‍රේලියාවට විශාල වශයෙන් පැමිණෙන සංචාරකයින් වන චීන ජාතිකයින් නොපැමිණෙන බවක් සඳහන්.
  • ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 38 ක් වාර්තා විය.
  • අද සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් කොවිඩ් නීති ලිහිල් කෙරේ.
  • ඒ අනුව අද සිට hospitality සහ විනෝදාස්වාදය සපයන ස්ථානවල පාරිභෝගික සීමාවන් ඉවත් කෙරෙන අතර රාත්‍රී සමාජ ශාලාවල, පුද්ගලයින් 1,000 කට වඩා රැස්වන සංගීත සංදර්ශනවල, රෝහල්වල සහ ආබාධිත සේවා මධ්‍යස්ථානවල පමණක් QR check in ක්‍රමය අනිවාර්ය වේ.
  • එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම ස්ථානවල ගායනය සහ නැටුම් සඳහා අද සිට අවසර හිමිවේ.
  • කෙසේවෙතත්, ලබන සතියේ සිකුරාදා තෙක් මුව ආවරණ පැළදීමේ නීති ලිහිල් නොකිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
  • මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ අද පස්වරු 6 සිට hospitality සහ විනෝදාස්වාදය සපයන ස්ථානවල පාරිභෝගික සීමාවන් ඉවත් කෙරේ.
  • එමෙන්ම අද පස්වරු 6 සිට වෙළෙඳ සැල්වල, සුපිරි වෙළෙඳසැල්වල, පාසල්වල සහ Childcare මධ්‍යස්ථානවල QR check-in ක්‍රමය භාවිත කිරීම අවශ්‍ය නොවේ.
  • නමුත් pubs, තැබෑරුම්, අවන්හල් සහ විනෝදාස්වාදය සපයන ස්ථානවල QR check-in ක්‍රමය තවමත් ක්‍රියාත්මක කළ යුතුය. එමෙන්ම එම ස්ථාන වෙත පැමිණෙන පාරිභෝගිකයින් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලැබුවන් බව පරීක්ෂා කළ යුතුවේ.
  • මේ අතර ACT හි සියලුම ව්‍යාපාරික ස්ථානවලට පනවා තිබූ පාරිභෝගික සීමාව අද පස්වරු 6 න් පසුව අහෝසි කෙරේ. එමෙන්ම අදාළ ස්ථානවල නර්තනය සඳහා ද අවසර ලැබේ.
  • ACT හි hospitality ස්ථානවල හිටගෙන සිටිමින් ආහාර පාන ගැනීමට පනවා තිබූ තහනමද ඉවත් කර ඇත.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ වර්ධනය වන කොවිඩ් රෝගීන්ට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් පර්ත් හි සියලුම රජයේ රෝහල්වල රෝගීන් හමුවීමේ වේලාවන් දිනකට දෙවරක්, පැය දෙකක් දක්වා අඩු කර ඇත.
  • මෑත දිනවල අනෙකුත් ප්‍රාන්තවල කොවිඩ් නීති හා සීමාවන් ලිහිල් කළද, පොදු ස්ථාන වල නර්තනය කිරීම තහනම් කරන බව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මහජන සෞඛ්‍ය ප්‍රධානියා පවසයි.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 9,243 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 15 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,381 ක් රෝහල්ගත කර ඇති අතර 92 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,935 ක් සමග කොවිඩ් මරණ 14 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 451 ක් රෝහල්ගත කර ඇති අතර 64 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,795 ක් සමග කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 408 ක් රෝහල්ගත කර ඇති අතර 34 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.


 

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත් අදාල ප්‍රාන්ත වලට අනුව


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.  


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන අදාල ප්‍රාන්ත වලට අනුව 

  


Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service