COVID 19 update 08 March: වයසින් වැඩි වන තරමට බූස්ටර් එන්නතේ ප්‍රතිලාභ වැඩි වන බව හෙළිවේ

2022 මාර්තු 08 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Mwanamke aonesha fahari yake yakupata chanjo ya UVIKO-19

Mwanamke aonesha fahari yake yakupata chanjo ya UVIKO-19 Source: Getty Images / Digital Vision / Luis Alvarez

Highlights

  • ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Peter Collignon බූස්ටර් එන්නත පිළිබඳ තොරතුරු සන්නිවේදනයේ වෙනසක් ඉල්ලා සිටියේය.
  • "ඔබ වයසින් වැඩි වන තරමට බූස්ටර් එන්නතින් ඔබට ප්‍රතිලාභ වැඩි වේ" යනුවෙන් ඔහු පැවසීය. වයස 50 ට වැඩි පුද්ගලයින් සඳහා පළමු සහ දෙවන මාත්‍රාවල එකම මට්ටමේ බූස්ටර් අනුපාත ලබා ගැනීමට ඉලක්ක කළ යුතු බවද ඔහු පැවසීය.
  • COVID හි අවිනිශ්චිතතාවයන් කනගාටුදායක ලෙස අප සමඟ දිගටම පවතිනු ඇති නමුත් ඒවා අපව යටපත් කිරීමට හෝ අපව බිය ගැන්වීමට අපට ඉඩ දිය නොහැකි බව ඔස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචන ව්‍යාපාරික සමුළුවේදී අදහස් දක්වමින් අගමැති Scott Morrison පැවසුවේය.
  • මාර්තු 11 වනදා සිකුරාදා පැවැත්වීමට නියමිත මීළඟ ජාතික කැබිනට් රැස්වීම අපේක්ෂාවෙන් මෙම ප්‍රකාශය සිදු විය. ප්‍රාන්ත සහ ටෙරිටරි පසුව ශීත ඍතුව සඳහා සූදානම් වීමේ දී කුමක් කළ යුතු දැයි සාකච්ඡා කරනු ඇත. එය COVID-19 ආසාදනවල වැඩිවීමක් ගෙන දිය හැකි අතර වසර 2 ක වාර්තාගත අඩුවකින් පසු flu රෝගය නැවත පැමිණෙන්නේ කවදාද යන්න පිළිබඳ එහිදී සාකච්ඡා කෙරේ.
  • පෙබරවාරි 20 වන දින COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු දෙවන එලිසබෙත් රැජින ඇයගේ පළමු රාජකාරී හමුවීම ලෙස කැනේඩියානු අග්‍රාමාත්‍ය Justin Trudeau ව හමුවී තිබේ.
  • Oxford විශ්ව විද්‍යාලයේ නවතම අධ්‍යයනයක් Nature සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇති අතර, එහිදී මොළයේ පටක හැකිලීම සහ නැතිවීම සමඟ මොළයට COVID-19 හි සැලකිය යුතු බලපෑම් හඳුනාගෙන ඇත.
  • පර්ත් හි බස් රථ රියදුරන් ගණනාවක් කොවිඩ් වයිරසයට ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් හෝ සමීප ආශ්‍රිතයින් ලෙස සැලකීමෙන් පසු Transperth බස් රථ ගමන්වලට බලපෑම් ඇති විය හැකිය. ගමන් කිසිවක් අවලංගු නොකරනු ඇත, නමුත් ගමන් කරන වාර ගණන අඩු විය හැක.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 13,018 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,070 ක් රෝහල්ගත කර ඇති අතර 43 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 7,043 ක් සමග කොවිඩ් මරණ 6 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 203 ක් රෝහල්ගත කර ඇති අතර 29 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 4,397 ක් සමග කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 268 ක් රෝහල්ගත කර ඇති අතර 20 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,051 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 14 ක් රෝහල්ගත කර ඇති අතර සිව් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 658 ක් වාර්තා වේ. එමෙන්ම ACT  හි මේ වන විට කොවිඩ් රෝගීන් 43 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.
  • ගතවූ පැය 24 තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 2,847 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා විය. එමෙන්ම බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 48 ක් රෝහල්ගත කර ඇත.
  • ගතවූ පැය 24 තුළ Northern Territory වෙතින් කොවිඩ් ආසාදිතයින් 437 ක් සමග එක් කොවිඩ් මරණයක් වාර්තා විය. එමෙන්ම Northern Territory වෙතින් මේ වන විට කොවිඩ් රෝගීන් 45 ක් රෝහල්ගත කර ඇති අතර තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.
  • ගතවූ පැය 24 තුළ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 2,089 ක් වාර්තා විය. එමෙන්ම දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 97 ක් රෝහල්ගත කර ඇති අතර 13 ක් දැඩි සත්කාර ඒකකයේ සිටිති.

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

4 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now