COVID 19 update 04 November: වික්ටෝරියා - NSW ප්‍රාන්ත සීමා යළි සම්පුර්ණයෙන්ම විවෘත කෙරේ

2021 නොවැම්බර් 05 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Flights between NSW and Victoria have resumed without any COVID-19 restrictions, as the border between the two states reopens.

Source: AAP

වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව සම්පුර්ණයෙන්ම යළි විවෘත කර තිබේ.

ලෝකයේ කාර්යබහුලම ගුවන් මාර්ගවලින් එකක් ලෙස හැඳින්වෙන මෙල්බර්න් - සිඩ්නි ගුවන් මාර්ගය ඔස්සේ ගුවනින් ගමන් කර වුවද ප්‍රාන්ත දෙකෙහි සිටින නෑදෑ හිතවතුන් හමුවීමට ඒ අනුව දැන් හැකියාව තිබේ.

මේ අතර කොවිඩ් ආසාදිතයෙකු හමුවීම නිසා Northern Territory යළි කොවිඩ් පැතිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කර තිබේ.

බොහෝ කලකට පසුව Northern Territory ප්‍රජාව තුළින් කොවිඩ් ආසාදිතයෙකු හමුවූ පළමු අවස්ථාව මෙය වන අතර එනිසාම පැය 72 ක lockdown කිරීමකට NT රජය නියෝග කර ඇත.

මේ අතර සති 5 කට පමණ පසුව ඔස්ට්‍රේලියාවේ ජාතික කැබිනට් මණ්ඩලය අද යළි රැස්විය.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශ සීමා යළි විවෘත කිරීම, කුඩා ළමුන්ට කොවිඩ් එන්නත ලබා දීම වැනි කරුණු අද රැස්වීමේ ප්‍රධාන මාතෘකා බවට පත්වී තිබේ.

COVID-19 හේතුවෙන් පෙනහළු අකර්මණ්‍ය වීමේ සහ මරණයේ අවදානම දෙගුණ කරන ජානයක් එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත.

එය විශේෂයෙන්ම දකුණු ආසියාවේ සම්භවයක් ඇති මිනිසුන් අතර බහුලව දක්නට ලැබෙන බව වාර්තා වේ.

COVID-19 සංඛ්‍යා දත්ත

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,343 ක් සමග කොවිඩ් මරණ 10 ක් වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 249 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 3 ක්ද වාර්තා වේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන් අයදුම් කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා Smart Traveller වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now