Highlights
- කොවිඩ් වසංගතය නිසා වසර දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබුණු ඔස්ට්‍රේලියාවේ දේශ සීමා පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන්ට සහ නිපුණතා සංක්‍රමණිකයින්ට අද විවෘත කෙරුණි.
- මේ අතර මාස 22 කට පසුව සමස්ත ඔස්ට්‍රේලියවටම ටස්මේනියා ප්‍රාන්තය අද සිය ප්‍රාන්ත සීමා විවෘත කළේය.
- වික්ටෝරියා ප්‍රාන්තයේ මහජන සෞඛ්‍ය නියෝග සංශෝධනය කිරීම මත අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළෙඳ සැල් වෙත සහ මංගල උත්සව හා අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වීමට මෙන්ම දේපළ වෙළඳාම් සේවා භාවිතා කිරීම සඳහා වික්ටෝරියානුවන්ට තවදුරටත් සම්පූර්ණයෙන් එන්නත් කිරීමට අවශ්‍ය නොවනු ඇත.
- එන්නත් නොලැබූ පුද්ගලයින්ට සාප්පු සවාරි යාමට සහ සමාජශීලී වීමට අවස්ථාව ලැබීමේ හේතු මත NSW ප්‍රාන්තයේ නව COVID-19 ආසාදනවල දෛනික සංඛ්‍යාව 500 ට වඩා වැඩි වී තිබේ.
- NSW ප්‍රාන්තයේ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවෙන් Omicron ප්‍රභේදය ආසාදනය වූ පිරිස 25 ක් වන බවත් ඒ අනුව ප්‍රාන්තයේ Omicron ආසාදිතයින් 110 දක්වා ඉහළ ගොස් ඇති බවත් NSW ප්‍රාන්ත බලධාරීහු පවසති.
- ජනවාරි අග වන විට NSW ප්‍රාන්තයේ දිනකට නව COVID-19 රෝගීන් 25,000 ක් ඇති විය හැකි බව නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාල ආකෘතියක් පෙන්වා දුන් බව NSW ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard පැවසීය.
- Omicron ප්‍රභේදය මීට පෙර හමුවූ අනෙක් ප්රභේදයන්ට වඩා වේගයකින් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus පවසයි.
- Pfizer එන්නතෙහි මාත්‍රා දෙකම ලබා ගැනීම මෑත සතිවල දකුණු අප්‍රිකාවේ රෝහල්ගත වීමට එරෙහිව සියයට 70 ක ආරක්ෂාවක් ලබා දී ඇති බව පෙන්වා දී ඇත.
COVID-19 සංඛ්‍යා දත්ත
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,405 ක් සමග කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,360 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් ද වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙක් ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 6 දෙනෙක්ද වාර්තා වේ.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු
Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

