Highlights
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අද දිනයේදී ඉහළ නව COVID-19 ආසාදන සංඛ්‍යාවක් වාර්තා කොට තිබේ. එය ආසාදිතයින් 30,000 ඉක්මවයි.
- NSW Health සඳහන් කොට සිටින්නේ ඉරිදා සහ සඳුදා සිට ධනාත්මක RAT 10,000 ක් පමණ අද සංඛ්‍යාවට ඇතුළත් කොට ඇති අතර එමඟින් මෙලෙස ඉහල සංක්‍යාවක් වාර්තා වී ඇති බවයි. කෙසේ නමුත් අසාදන ඉහල යාමේ ප්‍රවණතාවයක් පවතී.
- සෙසු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරටරි වල අසාදන සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ. නමුත් රෝහල්ගතවීමේ අනුපාතය සඳහා තවමත් බලපෑමක් නොපවතී.
- සම්පුර්ණ එන්නත් ලද ඕස්ට්‍රේලියානුවන්ට අප්‍රේල් 12 රාත්‍රී 11.59 සිට නිරෝධායනය නොවී නවසීලන්තයට ඇතුළු විය හැකි බව නවසීලන්ත අගමැතිනිය වන Jacinda Ardern අද සඳහන් කළාය.
- වසංගතය ආරම්භයේ සිට වසා දැමු නවසීලන්තයට පළමු වරට යාමට ඕස්ට්‍රේලියානුවන්ට අවසර ලැබෙනු ඇත, එමෙන්ම සෙසු නිදහස් වීසා බලපත්‍ර සහිත රටවල පිරිසට මැයි 1 වන දින රාත්‍රී 11.59 සිට හුදකලා වීමකින් තොරව සංචාරය කිරීමට අවසර හිමිවේ.
- නවසීලන්තයට සංචාරය කිරීමට පෙර සෘණාත්මක PCR පරීක්ෂණ , RAT පරීක්ෂණ හෝ LAMP පරීක්ෂණ ප්‍රතිපල තිබිය යුතුය. නවසීලන්තයට පැමිණීමේදී සහ පැමිණීමෙන් අනතුරුව දින 5/6 කාලය තුල පරීක්ෂා කිරීම සඳහා ගුවන් තොටුපලේදී RAT පරීක්ෂණ සපයනු ලැබේ.
- ටස්මේනියාවේ COVID-19 හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සහාය ලබාදීමේ වැඩසටහනේ තුන්වන වටය සඳහා අයදුම්පත් අද පස්වරු 2 ට විවෘත වේ. 2022 පෙබරවාරි 15 සිට 2022 මාර්තු 14 දක්වා කාලය තුළ COVID-19 හේතුවෙන් වෙළඳ පාඩු හෝ පාරිභෝගික ඉල්ලුම අඩු වී තිබුණහොත්, කුඩා ව්‍යාපාරවලට $1,000 සිට $10,000 දක්වා ප්‍රදාන සඳහා අයදුම් කිරීමට හැකි වේ.
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඊයේ පැවති COVID Ready කමිටු රැස්වීමේදී මුහුණු ආවරණ පැළඳීම සහ හුදකලා කිරීම් සඳහා වන ප්‍රතිපත්ති පිළිබඳ අපේක්ෂිත වෙනස්කම් සිදු වී නොමැත. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ගෘහස්ථ සහ පොදු ස්ථානවල මුහුණු අවරන් පැළඳීම අඛණ්ඩව සිදු වේ.
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිස් කොමසාරිස් Grant Stevens සඳහන් කොට සිටින්නේ මෙම තීරණය සෞඛ්‍ය උපදෙස් මත පදනම් වූ අතර "ඉතා ඉක්මනින්" වෙනස්කම් දැකීමට අපේක්ෂා කරන බවයි.
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 30,402
- කොවිඩ් මරණ - 5
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,016
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 36
වික්ටෝරියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 9,426
- කොවිඩ් මරණ - 6
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 201
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 24
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 6,136
- කොවිඩ් මරණ - 3
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 255
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 21
ටස්මේනියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 1,859
- කොවිඩ් මරණ - 1
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 18
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 2
ACT
- කොවිඩ් ආසාදිතයින් - 1,226
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 39
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 4
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය
- කොවිඩ් ආසාදිතයින් - 6,062
- කොවිඩ් මරණ - 1
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 123
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 2
නොදෙර්න් ටෙරිටරිය
- කොවිඩ් ආසාදිතයින් - 251
- කොවිඩ් මරණ - 0
- රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 24
- දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 4
ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria Western Australia
ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න
ACT New South Wales Northern Territory Queensland
South Australia Tasmania Victoria
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

