Highlights
- ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පිරිස 90% මට්ටම ඉක්මවයි.
- 90% මට්ටම ඉක්මවා යාම පිළිබඳ අගමැති මොරිසන් ඔස්ට්‍රේලියානුවාසීන්ට සුබ පැතූ අතර නැවතත් lockdown කිරීම්වලට යා නොහැකි බව පැවසීය.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් Omicron ආසාදිතයින් 63 දෙනෙකු හමුවී ඇති අතර ඉතිහාසයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණනද වාර්තා කරයි.
- ඉහළ කොවිඩ් සම්ප්‍රේෂණ අනුපාත හේතුවෙන් NSW සෞඛ්‍ය සේවා ස්ථාන වෙත පැමිණෙන අමුත්තන් සීමා කරයි.
- කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු පැමිණීම හේතුවෙන් බ්‍රිස්බේන් නුවර aged care මධ්‍යස්ථානයක් lockdown කෙරුණි.
- ක්වීන්ස්ලන්තය දෙසැම්බර් 18 සිට සිල්ලර වෙළෙඳ සැල් තුළ, පොදු ප්‍රවාහන සේවා තුළ සහ කුලී රථ තුළ ආවරණ පැළඳීම අනිවාර්ය කරයි. නමුත් lockdown කිරීමක් සැලසුම් කර නොමැත.
- දෙසැම්බර් 28 සිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිවෙස්වල එක් රැස්වීම් සඳහා පවතින සියලුම සීමාවන් නිදහස් කෙරේ.
COVID-19 සංඛ්‍යා දත්ත
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,510 ක් සමග කොවිඩ් මරණ 7 ක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 2,213 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 64 ක් හමුවේ.
- ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 20 ක් වාර්තා වූ අතර ඉන් 5 ක්ම Omicron ආසාදිතයින් වේ.
- ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 20 ක් හමුවී ඇත.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු
Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

