COVID 19 update 09 March: ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ කොවිඩ් ආසාදිතයින් යළි වැඩිවෙයි

2022 මාර්තු 09 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

A health worker gives out Rapid Covid-19 antigen self-test kits at the Waipareira Trust drive-in COVID-19 testing station in Auckland.

Actualización del COVID-19: aumentan los casos en Australia y Nueva Zelanda. Source: Brett Phibbs/New Zealand Herald via AP

Highlights

  • ඊයේ (08/03) දිනයේදී නවසීලන්තයෙන් වාර්තාගත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ අතර එය 23,894 කි. නමුත් අද (09/03) දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 22,454 ක් ලෙස සටහන් වේ.
  • ඇමෙරිකා එක්සත් ජනපදය දැන් නවසීලන්තය මෙන්ම හොංකොං සහ තායිලන්තය ද ඉහළ කොවිඩ් අවදානමක් ඇති රටවල් ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර ඒවායේ සංචාරය නොකරන ලෙස ඇමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.
  • ප්‍රකාශයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂයෙන් දරුණු රෝග වර්ධනය වීමේ අවදානමක් ඇති කණ්ඩායම් සඳහා මෙන්ම නව ප්‍රභේදවලට එරෙහිව සටන් කිරීමට අනුවර්තනය කළ හැකි එන්නත් සමග මූලික මාත්‍රා සහ බූස්ටර මාත්‍රා සඳහා වර්තමාන COVID-19 එන්නත් සඳහා හදිසි සහ පුළුල් ප්‍රවේශයක් සඳහා සහය පළ කළේය. 
  • මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus, ධනවත් සහ දුප්පත් රටවල් අතර කොවිඩ් එන්නත් අසමානතාවය උග්‍ර කරමින් blanket boosters වැඩසටහන වසංගතය දීර්ග කළ හැකි බවට අනතුරු අඟවා තිබුණි.
  • ඔස්ට්‍රේලියානු ජනගහනයේ එන්නත් ආරක්ෂාව අඩුවීමත් සමඟ ශීත ඍතුවේ Omicron ප්‍රභේදය යළි අවදීමක් සිදුවිය හැකි බව Doherty ආයතනයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය Jodie McVernon සිඩ්නි හි පැවති ඔස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචන ව්‍යාපාරික සමුළුවේදී පැවසුවාය.
  • කොවිඩ් වසංගතය අතරතුර කැපී පෙනෙන ලෙස නොපැවතුණු ඉන්ෆ්ලුවෙන්සා රෝගය මෙම ශීත සෘතුවේ දී නැවත පැමිණීමට ඉඩ ඇති බව ද මහාචාර්ය McVernon සඳහන් කළාය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 13,179 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,038 ක් රෝහල්ගත කර ඇති අතර 39 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 7,081 ක් සමග කොවිඩ් මරණ 9 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 196 ක් රෝහල්ගත කර ඇති අතර 32 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 4,801 ක් සමග කොවිඩ් මරණ 13 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 262 ක් රෝහල්ගත කර ඇති අතර 19 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,109 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 14 ක් රෝහල්ගත කර ඇති අතර සිව් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 838 ක් වාර්තා වේ. එමෙන්ම ACT  හි මේ වන විට කොවිඩ් රෝගීන් 37 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now