COVID 19 update 14 Dec: ඔස්ට්‍රේලියාවේ දේශසීමා හෙට විවෘතකරන බව අගමැති මොරිසන් තහවුරු කරයි

2021 දෙසැම්බර් 14 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

اسکات موریسون نخست وزیر استرالیا

اسکات موریسون نخست وزیر استرالیا Source: AAPAAP Image/Con Chronis

Highlights

  • සති දහයකට පමණ පසුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඉහළම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වේ. එය 804 කි. දෙසැම්බර් 15 සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් නීති තවදුරටත් ලිහිල් කිරීමට සූදානම් වේ.
  • Newcastle රාත්‍රී සමාජ ශාලාව ආශ්‍රිතව හටගෙන ඇති කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 150 දක්වා වැඩිවී තිබේ. එයින් Omicron කොවිඩ් ප්‍රභේදය අවම වශයෙන් එක් පුද්ගලයෙකුට ආසාදනය වී ඇති බව සොයාගෙන ඇත. ඊයේ දිනයේදී New Hunter කලාපයෙන් කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙකු සොයාගෙන තිබෙන අතර එම සංඛ්‍යාව අද වන විට 225 ක් දක්වා ඉහළ නැග ඇත.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ mRNA එන්නත් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකරන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison නිවේදනය කළේය.
  • එමෙන්ම හෙට දිනයේදී ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කරන බව ද අගමැති මොරිසන් තහවුරු කළේය.
  • තම ප්‍රාන්ත සීමා හෙට දිනයේදී විවෘත කරන බව ටස්මේනියා ප්‍රාන්තය ද දැනුම් දෙයි.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා 2022 පෙබරවාරි 5 වන දින විවෘත කරන බව ඊයේ පස්වරුවේ නිවේදනය කළේය.
  • Omicron කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ප්‍රසිද්ධියේ තහවුරු කරන ලද පළමු මරණය බ්‍රිතාන්‍යය විසින් වාර්තා කරයි.

COVID-19 සංඛ්‍යා දත්ත

  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,189 ක් සමග කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 804 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් ද වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින්සිව් දෙනෙක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


 

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

2 min read

Published

Updated

By SBS/ALC Content, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now