COVID 19 update 05 Jan: ඔස්ට්‍රේලියාවේ ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 60,000 ඉක්මවයි

2022 ජනවාරි 05 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Perrottet presser Vaccination Centre

NSW Premier Dominic Perrottet speaks health workers during a visit to the South Western Sydney Vaccination Centre in Sydney, Wednesday, January 5, 2022. Source: Credit: AAP Image/Bianca De Marchi

Highlights

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අලුතින් කොවිඩ් ආසාදිතයින් 35,054ක් සහ කොවිඩ් මරණ අටක් වාර්තා කිරීමෙන් පසුව NSW සෞඛ්‍ය පද්ධතියට “සැලකිය යුතු පීඩනයක්” ඇති බව NSW ප්‍රාන්ත අගමැති Dominic Perrottet පිළිගෙන තිබේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්ගතව ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,491 ක් දක්වා ඉහළ නැග තිබේ. එය ඊයේ දිනයේදී සටහන් වූයේ 1,344 ක් ලෙසටය. මේ වන විට කොවිඩ් රෝගීන් 119 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටියි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බූස්ටර් එන්නත සඳහා සුදුසුකම් ලබා සිටින මිලියන 2.5 ක ජනතාවගෙන් අද දින ඔවුන්ගේ එන්නත් ලබාගැනීමට වේලාවල් වෙන්කරවා ගන්නා ලෙස NSW ප්‍රාන්ත අගමැති Dominic Perrottet ඉල්ලා සිටියේය.
  • 2022 වසරේ පළමු වාරයේ පළමු දිනයේදීම ළමයින් නැවත පන්ති කාමරයට ගෙන ඒමට සැලසුම් කරමින් සිටින බවද ඔහු පැවසීය. පාසල් යළි ආරම්භ කිරීමේදී rapid antigen පරීක්ෂණ වැදගත් සේවයක් සපයනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
  • අග්‍රාමාත්‍යවරයා විසින් මීළඟ ජාතික කැබිනට් රැස්වීමට ගෙන යන සැලැස්මක් යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා Rapid antigen පරීක්ෂණ සඳහා සහනාධාර ලබා දෙනු ඇත.
  • Greater Melbourne කලාපය තුළ විශාල ඉල්ලුමක් අත්විඳීමෙන් පසු Ambulance Victoria හට එක රැයකින් “code red” තත්ත්වයක් ප්‍රකාශ කිරීමට සිදු විය.
  • අද වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් 591 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
  • Omicron ප්‍රභේදය දරුණු බැවින් අඩු බවත්, දැනට දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ ඩෙල්ටාවෙන් පීඩා විඳි අයට වඩා බෙහෙවින් අඩු බවත් දකුණු අප්‍රිකානු වෛද්‍ය සංගමයේ සභාපති Angelique Coetzee පවසයි.
  • නව ගෝලීය වාර්තාවක් තබමින් ඇමෙරිකා එක්සත් ජනපදය එක් දිනක් තුළ COVID-19 රෝගීන් මිලියනයක් වාර්තා කර ඇත.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 35,054 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 8 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 17,636 ක් සමග කොවිඩ් මරණ 11 ක් වාර්තා වේ.
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 6,781 ක් වාර්තා වන අතර ටස්මේනියා ප්‍රාන්තයෙන් 867 ක් වාර්තා වේ.
  • ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 810 ක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now