COVID 19 update 06 April: ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය පද්ධතිය නව කොවිඩ් ප්‍රභේද සඳහා හොඳින් සූදානම් බව ප්‍රධාන වෛද්‍ය නිලධාරියා කියයි

2022 අප්‍රේල් 06 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Frontline workers handle incoming patients details at St Vincent's Hospital Emergency Department. (file)

Frontline workers handle incoming patients details at St Vincent's Hospital Emergency Department. (file) Source: Getty Images/Lisa Maree Williams/

Highlights

  • ඔස්ට්‍රේලියානු රෝහල් වත්මන් COVID-19 රැල්ල සඳහා හොඳින් මුහුණ දෙන බව ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහාචාර්ය Paul Kelly සෙනෙට් විමර්ශන කමිටුව හමුවේ අද දිනයේදී පැවසීය.
  • අනාගතයේදී නව කොවිඩ් ප්‍රභේද හැසිරවීමට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය පද්ධතිය හොඳින් සූදානම් බව ද ඔහු පැවසීය.
  • අනාගතයේදී කොවිඩ් සම්ප්‍රේෂණය අඩු කිරීමට වඩා දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානම අවම කිරීම කෙරෙහි ඔස්ට්‍රේලියාව වැඩි අවධානයක් යොමු කරන බව ද මහාචාර්ය Kelly එහිදී ප්‍රකාශ කළේය.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzard COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත. ඔහු සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර අන්තර්ජාලය ඔස්සේ රාජකාරී රැස්වීම්වලට සහභාගි වීමට සැලසුම් කරයි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාදන සහ මරණ වැඩිවීමක් වාර්තා වේ. ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 24,151 ක්ද කොවිඩ් මරණ 15 ක්ද වාර්තා විය.
  • අවම වශයෙන් 2 වාරයේ පළමු සති හතර දක්වා හෝ අධ්‍යාපන පද්ධතිය පුරා සිටින සිසුන්, කාර්ය මණ්ඩලය සහ ළමුන් සඳහා මෙම සතියේ සිට rapid antigen පරීක්ෂණ කට්ටල මිලියන 16 ක් නොමිලේ බෙදා හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය කටයුතු කරයි.
  • ශීත ඍතුවේ දී ආසාදිතයින් ඉහළ යා හැකි බවට වන අනතුරු ඇඟවීම් නොතකා සමීප ආශ්‍රිතයින් සඳහා හුදකලා නීති ලිහිල් කරන ලෙස අගමැති Scott Morrison ඊයේ (05/04) ප්‍රාන්ත අගමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
  • ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් ගෝලීය COVID-19 වසංගතය සහ නව COVID ප්‍රභේදයක් වන 'XE' මතුවීම සමීපව නිරීක්ෂණය කරයි. නව ප්‍රභේදය Omicron හි මුල් ප්‍රභේදය වන BA.1 සහ 'Stealth Omicron' ලෙස හැඳින්වෙන BA.2 අතර මුහුවීමක් බව විශ්වාස කෙරේ.
  • XE පළමු වරට එක්සත් රාජධානියේ මාස තුනකට පෙර අනාවරණය විය. එය BA.2 ට වඩා 10% කින් සම්ප්‍රේෂණය විය හැකි නමුත් තවත් පර්යේෂණ අවශ්‍ය බව පර්යේෂකයන් විශ්වාස කරයි.
  • Northern Territory මහජන සෞඛ්‍ය නීති කිහිපයක් ලිහිල් කර ඇත. උදාහරණයක් ලෙස, තැබෑරුම්, pubs, රාත්‍රී සමාජශාලා, අවන්හල්, කැසිනෝ, සිනමා ශාලා සහ රංග ශාලාවලට ඇතුළු වීමට Northern Territory නිවැසියන්ට තවදුරටත් එන්නත් පිළිබඳ සාක්ෂි පෙන්වීම අවශ්‍ය නොවේ.
  • රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් සහ RAT හෝ PCR පරීක්ෂණයක් නොකරන අය ඇතුළු බොහෝ හේතු නිසා රට තුළ සැබෑ COVID-19 රෝගීන් සංඛ්‍යාව බෙහෙවින් වැඩි විය හැකි බව ඔස්ට්‍රේලියානු වසංගත රෝග විද්‍යාඥයින් විශ්වාස කරයි.
  • ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Covaxin නම් COVID-19 එන්නත සැපයීම අත්හිටුවා ඇත්තේ ප්‍රමිතියට අනුකූල නිෂ්පාදන පිළිවෙත්වල අඩුපාඩු හඳුනා ගැනීමෙන් පසුවය. මෙම එන්නත භාවිතා කරන රටවලට සුදුසු පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියේය.
  • ඕස්ට්‍රේලියාව සංචාරක අරමුණු සඳහා Covaxin (Bharat Biotech) එන්නත පිළිගනී.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 24,151
  • කොවිඩ් මරණ - 15
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,444
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 51
වික්ටෝරියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 12,150
  • කොවිඩ් මරණ - 03
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 331
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 16
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 8,534
  • කොවිඩ් මරණ - 01
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 468
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 14
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 8,499
  • කොවිඩ් මරණ - 04
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 259
  • දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 09
ටස්මේනියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 2,408
  • කොවිඩ් මරණ - 01
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 39
  • දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 01

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service