COVID 19 update 12 Sept: සමීප ආශ්‍රිතයින් තවමත් දින හතක් සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට අවශ්‍ය වෙයි

2022 සැප්තැම්බර් 12 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW CORONAVIRUS COVID19

Shoppers on Beamish Street at Campsie in Sydney. (file) Source: AAP / JOEL CARRETT/AAPIMAGE

Highlights

රෝග ලක්ෂණ නොමැති COVID ධනාත්මක රෝගීන් සඳහා ස්වයං නිරෝධායන කාලය සැප්තැම්බර් 9 පටන් දින හතේ සිට පහ දක්වා අඩු කිරීමෙන් පසු දකුණු ඔස්ට්‍රේලියාව සමීප ආශ්‍රිතයින් හා සම්බන්ධ නීති පැහැදිලි කර ඇත.

සමීප ආශ්‍රිතයින් ඔවුන් වයිරසයට නිරාවරණ වූ දිනයෙන් පසු දින හතක් සඳහා COVID-19 මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව එහි සඳහන් වේ.

ඔවුන් වෙනත් පුද්ගලයින් සමග ගැවසෙන විට මුව ආවරණයක් පැළඳිය යුතු අතර දින හතක් පුරා RAT පරීක්ෂණ පහක් සිදුකර ගත යුතුය.

ඊට අමතරව, ඔවුන් තම සේවා යෝජකයන්ට, පාසල්වලට හෝ childcare මධ්‍යස්ථාන වෙත දැනුම් දිය යුතු අතර රෝහල් වැනි ඉහළ අවදානම් ස්ථානවලට යාමෙන් වැළකී සිටිය යුතුය.

සමීප ආශ්‍රිතයින් පිළිබඳ නීති වෙනස් නොකළ යුතු බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රධාන කමිටුව පසුගිය සතියේ නිර්දේශ කළේය.

long COVID තත්ත්වය සතියකට ඩොලර් මිලියන 100 ක ආර්ථික බලපෑමක් ඇති කරන අතර එය වාර්ෂිකව ඩොලර් බිලියන 5.2 ක් පමණ වන බව The Australian Financial Review වාර්තා කළේය.

Jama Network හි ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයකින් මානසික පීඩා ඇති පුද්ගලයින් long COVID සහ ඒ ආශ්‍රිත රෝග වර්ධනය වීමේ වැඩි අවදානමක් ඇති බව හෙළි විය.

මානසික පීඩාවට මානසික අවපීඩනය, කාංසාව, කනස්සල්ල,ආතතිය සහ තනිකම ඇතුළත් වේ.

මේ වසරේ residential aged care පහසුකම් වලදී ඔස්ට්‍රේලියානුවන් 3,000 කට වැඩි පිරිසක් COVID-19 නිසා මිය ගිය බව සෞඛ්‍ය දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now