SKIP TO MAIN CONTENT

COVID 19 update 14 Feb: දශකයකට පසු හෙට පෙරවරු 7 සිට NSW ප්‍රාන්තයේ හෙදියන් වැඩ වර්ජනයක

2022 පෙබරවාරි 14 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW prepares for nurses strike
NSW prepares for nurses strike Source: AAP Image/Bianca De Marchi

3 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

Highlights

  • නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල ගතවූ පැය 24 තුළ කොවිඩ් මරණ 22 ක් සිදුව තිබේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්වලට සති තුනකට වඩා බලාත්මක කර තිබූ Code Brown තත්ත්වය අද ඉවත් කෙරිණි. Omicron සම්ප්‍රේෂණය විශාල ලෙස ඉහළ යාමත් සමග ජනවාරි මාසයේදී මෙය පැනවිණි.
  • නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් ඉදිරියටත් කාර්ය බහුල තත්ත්වයේ පවතින බව ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 465 ක් රෝහල්ගත කර ඇත.
  • වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව, කොවිඩ් එන්නත් නොලද පුද්ගලයින් සඳහා දැඩි සත්කාර ඒකකයේදී ජීවිතක්ෂයට පත්වීමේ අවස්ථාව බූස්ටර් එන්නත ​​ලබා ගත් අයට වඩා 34 ගුණයකින් වැඩි ය.
  • පාසල් ආරම්භ කර පළමු සතියෙන් පසුව තම ප්‍රාන්තයේ ආසදිතයින්ගේ විශාල වර්ධනයක් සිදු නොවූ බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Yvette D’Ath පැවසීය.
  • නව කොවිඩ් රෝගීන්, රෝහල්ගතවීම් සහ මරණ සංඛ්‍යාව අඛණ්ඩව පහත වැටෙන්නේ නම්, ක්වීන්ස්ලන්ත රජය සිය දෛනික COVID-19 සංක්ෂිප්තයන් ඉදිරිපත් කිරීම අත්හරින බව නිවේදනය කර ඇත.
  • හෙට පෙරවරු 7 සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙදියන් දශකයකට පමණ පසු පළමු වතාවට වැඩවර්ජනයක් ආරම්භ කරනු ඇත.
  • රෝගීන්ට සිටින හෙදියන් අනුපාතය ඉහළ දමන ලෙසත් වැටුප් වර්ධනය කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 6,184 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 14 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,649 ක් රෝහල්ගත කර ඇති අතර 100 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 7,104 ක් සමග කොවිඩ් මරණ 2 ක් වාර්තා විය. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 465 ක් රෝහල්ගත කර ඇති අතර 66 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 3,750 ක් සමග කොවිඩ් මරණ 6 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 514 ක් රෝහල්ගත කර ඇති අතර 41 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.
  • ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 408 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 12 ක් රෝහල්ගත කර ඇති අතර එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ සිටී.
  • ගතවූ පැය 24 තුළ ACT හි ආසාදිතයින් 375 ක් වාර්තා වේ.

 

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත් අදාල ප්‍රාන්ත වලට අනුව


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට



 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන අදාල ප්‍රාන්ත වලට අනුව


 

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now