Highlights
- කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙකු හඳුනාගැනීමෙන් පසු පසුගිය සිකුරාදා (03/12) රාත්‍රියේ සිඩ්නි වරායේ cruise යාත්‍රාවක සිටි පුද්ගලයින් 140 ක් පමණ සම්බන්ධ කරගැනීමට නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු උත්සාහ කරති. එයින් දෙදෙනෙකුට ඉතා ශීග්‍රයෙන් බෝවන Omicron ප්‍රභේදය තිබීමට ඉඩ ඇති බවට සැකයක් ඇත.
- Omicron ප්‍රභේදය පෙර කොවිඩ් ප්‍රභේදවලට වඩා දරුණු රෝග ඇති කරන බවක් නොපෙන්වන නමුත් එයින් තවමත් ප්‍රවේශම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
- වයස අවුරුදු පහේ සිට 11 දක්වා ළමුන් සඳහා Pfizer එන්නත ලබාදීමේ අවසාන අනුමැතිය පිළිබඳව මෙම සතිය අවසානයේදී තීරණය කිරීමට ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම අපේක්ෂා කරයි. එය අනුමත වූ පසු අදාළ වයස් ඛාණ්ඩයේ දරුවන්ට නව වසරේ නැවත පාසලට පැමිණීමට පෙර ඔවුන්ගේ එන්නත් ලබා ගත හැකි බව අපේක්ෂා කෙරේ.
COVID-19 සංඛ්‍යා දත්ත
ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,312 ක් සමග කොවිඩ් මරණ 5 ක් වාර්තා වේ.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 403 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.
ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙක්ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් සහ Northern Territory වෙතින් ආසාදිතයින් දෙදෙනා බැගින්ද වාර්තා වේ.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

