Highlights
- ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායමේ උපදෙස් මත ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ලබාගත හැකි කාලපරතරය මාස 4 කට අඩු කෙරේ.
- ඒ අනුව එම මාස හතරේ කාලපරතරය 2022 ජනවාරි 04 සිට ක්‍රියාත්මක වන අතර ජනවාරි 31 සිට එය මාස 3 දක්වා අඩු කෙරෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.
- දෛනික කොවිඩ් ආසාදන සංඛ්‍යාව 'වඩාත්ම වැදගත්' නොවන නමුත් බූස්ටර් එන්නත් ලබා ගැනීමට ජනතාව දිරිමත් කරන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly පැවසීය.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාසවල හැර සියලුම ගෘහස්ථ ස්ථානවල මුව ආවරණ පැළඳීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ජනවාරි 27 දක්වා අනිවාර්ය කර තිබේ. එමෙන්ම දැඩි අවදානම් සහිත ස්ථාන සඳහා Q-R කේතයන් භාවිත කිරීම යළි හඳුන්වා දීමට සහ දෙසැමබර් 27 සිට ජනවාරි 27 දක්වා කාලය තුළ hospitality ස්ථානවල පාරිභෝගිකයිනට සේවා සැපයීමේ ප්‍රමාණය සීමා කිරීමට ද තීරණය කෙරුණි.
- ඊයේ (23/12) මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තය ද ගෘහස්ථ ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය කළේය.
- එමෙන්ම බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ද මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ. එමෙන්ම දෙසැම්බර් 28 දක්වා මහා පරිමාණයේ උත්සව අවලංගු කිරීමට සහ රාත්‍රී සමාජශාලා වැසීමට ද ප්‍රාන්ත රජය තීරණය කර ඇත.
- අද දිනයේ ගුවන් කාර්ය මණ්ඩලය හුදකලා කිරීමට නියෝග කිරීම නිසා මෙල්බර්න් - සිඩ්නි ගුවන් ගමන් රැසක් අවලංගු කෙරේ.
- පර්ත් නුවර කොවිඩ් ආසාදිතයා නිරාවරණය වූ ස්ථාන ලැයිස්තුව පුළුල් වී ඇති අතර ක්වීන්ස්ලන්තයේ සිට පර්ත් නුවරට පැමිණි backpacker වරයාගෙන් තවත් පුද්ගලයින්ට වයිරසය සම්ප්‍රේෂණය වී ඇත්දැයි බටහිර ඔස්ට්‍රේලියා සෞඛ්‍ය බලධාරීහු සොයාබලමින් සිටිති.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව
- ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 5,612 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක් වාර්තා වේ.
- ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 2,095 ක් සමග කොවිඩ් මරණ 8 ක් වාර්තා වේ.
- ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 589 ක් ද ACT වෙතින් 102 ක්ද ටස්මේනියා ප්‍රාන්තයෙන් 27 ක්ද වාර්තා වේ.
නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න
සංචාරය කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ
මූල්‍ය උපකාර
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.
Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට
භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, Victoria, Queensland, Western Australia, South Australia, Northern Territory, ACT, Tasmania.
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.
පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:
එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:
ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු
Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න

