COVID 19 update 01 April: ඔස්ට්‍රේලියාවේ දැනට ඇති කොවිඩ් රැල්ල අප්‍රේල් මැද ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

2022 අප්‍රේල් 01 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

People are tested for COVID-19 at a drive through facility in Sydney.

People are tested for COVID-19 at a drive through facility in Sydney. (file) Source: AAP Image/Damian Shaw

Highlights

  • මාර්තු 11 සහ මාර්තු 23 අතර ඔස්ට්‍රේලියාවේ දෛනික COVID-19 රෝගීන් සංඛ්‍යාව 76% කට වඩා වැඩි වී ඇති බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්ෂණ මූලධර්ම කමිටුව (AHPP) පවසයි.
  • වත්මන් කොවිඩ් රැල්ල බොහෝ ප්‍රාන්තවල අප්‍රේල් මැද භාගයේදී පමණ ඉහළ යා හැකි බව AHPP සඳහන් කරයි.
  • BA.2 ලෙස හඳුන්වන Omicron ප්‍රභේදයේ උප ප්‍රභේදයක් මෙම දෛනික COVID රෝගීන්ගේ වැඩිවීමට බලපෑ ඇති බව බලධාරීහු පවසති.
  • සිඩ්නි හි St Vincent රෝහල long COVID සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නව සායනයක් ආරම්භ කර ඇත.
  • long COVID රෝග ලක්ෂණ වලට හුස්ම හිරවීම, කැස්ස, තෙහෙට්ටුව සහ ඒකාග්‍රතාව හෝ මතකය පිළිබඳ ගැටළු ඇතුළත් වේ.
  • කොවිඩ් රෝගයෙන් සුවය ලැබීමෙන් සති 12කට පසුව ක්වීන්ස්ලන්ත පදිංචිකරුවන්ට කොවිඩ් පරීක්‍ෂා කිරීම හෝ නිරෝධායනය වීම අවශ්‍ය නොවේ.
  • The New England Journal of Medicine හි ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකට අනුව ivermectin මගින් COVID රෝහල්ගත වීමේ අවදානම අඩු නොවේ. COVID-19 සඳහා විකල්ප ප්‍රතිකාරයක් ලෙස antiparasitic ඖෂධය ජනප්‍රිය වෙමින් පවතී.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 25,495
  • කොවිඩ් මරණ - 02
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 1,345
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 43

වික්ටෝරියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 10,424
  • කොවිඩ් මරණ - 06
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 310
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 12

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 10,722
  • කොවිඩ් මරණ - 03
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 403
  • දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ් රෝගීන් - 14

ටස්මේනියා ප්‍රාන්තය

  • කොවිඩ් ආසාදිතයින් - 2,108
  • කොවිඩ් මරණ - 0
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 30
  • දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 0

ACT

  • කොවිඩ් ආසාදිතයින් - 1,014
  • කොවිඩ් මරණ - 01
  • රෝහල්ගත කර ඇති කොවිඩ් රෝගීන් - 46
  • දැඩි සත්කාර ඒකකයේ සිටින කොවිඩ් රෝගීන් - 02

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.



 

ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ COVID-19 පරීක්ෂණ සායනයක් සොයා ගන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria   Western Australia  

ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක නම්, ඔබේ RAT ප්‍රතිඵල මෙහි ලියාපදිංචි කරන්න

ACT   New South Wales   Northern Territory   Queensland   

South Australia   Tasmania   Victoria    

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට


Share

3 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now