COVID 19 update 17 Jan: වික්ටෝරියා ප්‍රාන්තය ඉහළතම ආසාදිතයින් ගනනට ළං වද්දී, NSW ප්‍රාන්තයේ මරණ ඉහල යන ලකුණු

2022 ජනවාරි 17 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Victorian Chief Health Officer Brett Sutton addresses the media during a press conference in Melbourne.

Victorian Chief Health Officer Brett Sutton addresses the media during a press conference in Melbourne. Source: AAP

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතර වෛරසය පැතිර යාම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ඉහල යාමක් බලපොරොත්තු වන බව ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය Kerry Chant අනතුරු අඟවා සිටී.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල් ගත කෙරෙන සහ දැඩි සත්කාරක ඒකක සඳහා ඇතුලත් කෙරෙන ආසාදිතයින් සංක්‍යාව ඉහල යන අතර ප්‍රාන්තයෙන් මරණ 17ක් වාර්තා වේ.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලික කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයකින් ලබා ගත් සාම්පල මගින් 95%ක්ම Omicron ප්‍රභේදය වන අතර බූස්ටර් එන්නත් මගින් ආරක්ෂාව ඉහල නැංවීම සිදුවන බව වෛද්‍ය Kerry Chant පවසයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාවෙන් හඳුනා නොගත් ආසාදන සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින අතර ප්‍රාන්තයෙන් ඉතා ඉක්මනින් ඉහල ආසාදිතයින් සංක්‍යාව දක්වා යනු ඇති බව වික්ටෝරියානු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton පවසයි.
  • කොවිඩ් එන්නත් මාත්‍රා 3ම ලබාගත් පිරිසට සාපේක්ෂව, එන්නත් ලබා නොගත් පුද්ගලයින් රෝහල්ගත කිරීමේ සම්භාවිතාවය 24ගුණයකින් ඉහල බව ක්වීන්ස්ලන්ත සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
  • ඔස්ට්‍රේලියාවේ RAT කට්ටලවල මිල අධික ලෙස ඉහල යාම සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බව ඕස්ට්‍රේලියානු පාරිභෝගික නිරීක්ෂණ ආයතනය වන ACCC පවසයි.
  • එමෙන්ම ඕස්ට්‍රේලියානු පාරිභෝගික නිරීක්ෂණ ආයතනය මගින් 2021 වසරේ දෙසැම්බර් 25 සිට අත්‍යවශ්‍ය භාණ්ඩයේ මිල ඉහළ යාමේ වාර්තා 1,800 කට වඩා විශ්ලේෂණය කොට ඇති අතර මේ වනවිට දිනකට වාර්තා 150 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ බහු සංස්කෘතික ප්‍රජා සඳහා එන්නත් ලබාදීම ඉහල දැමීමට ඩොලර් මිලියන 1.2 ක් වෙන්කොට තිබේ. එමෙන්ම ප්‍රජා සංවිධාන 08ක් ඔස්සේ භාෂාමය සහාය, අන්තර්ජාලය හරහා ජනතාව සමග සම්බන්ධ වීම සිදු කරයි.
  • ජුනි මස 30 දක්වා වීඩියෝ සහ දුරකථන හරහා - මූලික සහ සංකීර්ණ විශේෂඥ උපදේශන සේවා ලබාගැනීමට ඕස්ට්‍රේලියානු රජය තාවකාලික ටෙලිහෙල්ත් සේවාවක් හඳුන්වා දීමට නියමිතයි.
  • COVAX ගෝලීය එන්නත් බෙදාගැනීමේ වැඩසටහන මඟින් COVID-19 එන්නත් මාත්‍රා බිලියනයක් බෙදාහැර තිබේ. නමුත් ගෝලීය ජනගහනයෙන් 40%වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් එන්නත් ලබා නොමැත.

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත්

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

  • ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 29,504 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 17 ක් වාර්තා වේ. 
  • ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 22,429 ක් සමග කොවිඩ් මරණ 06 ක් වාර්තා වේ. 
  • ක්වීන්ස්ලන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 15,122 ක් සහ මරණ 07 ක් වාර්තා වේ. 
  • ගතවූ පැය 24 තුළ ටස්මෙනියාවෙන් ආසාදිතයින් 1,037 ක් වාර්තා වේ.

නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ දැනගැනීමට පිවිසෙන්න

සංචාරය කිරීම සම්බන්ධයෙන්

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු වෙනත් භාෂා ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී සිංහල භාෂාවෙන් උපකාර ලබා ගැනීමට

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : sbs.com.au/coronavirus

ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ : NSW, VictoriaQueenslandWestern AustraliaSouth AustraliaNorthern TerritoryACTTasmania.  

ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : COVID-19 vaccine in your language.


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

COVID-19 Vaccination Glossary

Appointment Reminder Tool


එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන:

NSW 

Victoria 

Queensland 

South Australia 

ACT 

Western Australia 

Tasmania

Northern Territory 


ජාත්‍යන්තර සංචාරකයින් සඳහා තොරතුරු

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ පිළිබඳ තොරතුරු

Covid-19 සහ සංචාරක තොරතුරු ඔබේ භාෂාවෙන් දැනගන්න


Share

3 min read

Published

Updated

By Nipuna Dodangoda




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now