Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 59 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 25 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 15 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 10 ක්ද ඊට ඇතුලත්වේ.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 08 ක් ද වාර්තා විය.
අප්‍රේල් 04 වනදායින් පසුව වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය වේ.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
ඊයේ (ජුනි 7) ACT රජය විසින් 2021 අංක 02 දරන මහජන සෞඛ්‍ය සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක සභාවේදී සම්මත කරගන්නා ලදී. වර්තමාන මහජන සෞඛ්‍ය හදිසි ප්‍රකාශයේ බලය ලිහිල් වෙමින් පවතින බැවින් COVID-19 හි මහජන සෞඛ්‍ය අවදානම් වලින් තම පුරවැසියන් ආරක්ෂා කිරීමට ACT රජයට මෙය ඉඩ සලසයි.
සම්මත කරන ලද වෙනස්කම් මගින් COVID-19 සඳහා අඛණ්ඩ සමානුපාතික සහ විනිවිද පෙනෙන මහජන සෞඛ්‍ය ප්‍රතිචාරයක් ලබා ගත හැකි වනු ඇති බව ACT සෞඛ්‍ය අමාත්‍ය Rachel Stephen-Smith පැවසුවාය. වත්මන් මහජන සෞඛ්‍ය හදිසි ප්‍රකාශය 2022 අගෝස්තු 11 වන විට සමාලෝචනය කිරීමට නියමිතය.

