SKIP TO MAIN CONTENT

COVID 19 update 08 June: වික්ටෝරියා මරණ ඉහළ යන අතරේ NSW කොවිඩ් රෙගුලාසි යාවත්කාලීන කරයි

2022 ජුනි 08 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

COVID-19, última hora: Las muertes se disparan en Victoria y NSW actualiza sus regulaciones
COVID-19, última hora: Las muertes se disparan en Victoria y NSW actualiza sus regulaciones Source: Asanka Ratnayake/Getty Images

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 59 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 25 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් 15 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 10 ක්ද ඊට ඇතුලත්වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 08 ක් ද වාර්තා විය.

අප්‍රේල් 04 වනදායින් පසුව වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

NSW ප්‍රාන්තය සිය COVID-19 රෙගුලාසි යාවත්කාලීන කර ඇත. ජුනි 08 සිට රාත්‍රී සමාජ ශාලා, strip clubs, sex on premises ස්ථාන සහ විශාල ගෘහස්ථ සංගීත උත්සවවලදී COVID-19 ආරක්ෂිත පිරික්සුම් තවදුරටත් අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, ව්‍යාපාර සහ සංවිධාන ඔවුන්ගේ අභිමතය පරිදි ඒවා නොකඩවා භාවිතා කළ හැකිය. විශාල ගෘහස්ථ සංගීත උළෙලකට සහභාගී වීම සඳහා ඔබට තවදුරටත් මුව ආවරණයක් පැළඳීමට හෝ එන්නත් කිරීමට අවශ්‍ය නොවේ.

ඊයේ (ජුනි 7) ACT රජය විසින් 2021 අංක 02 දරන මහජන සෞඛ්‍ය සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක සභාවේදී සම්මත කරගන්නා ලදී. වර්තමාන මහජන සෞඛ්‍ය හදිසි ප්‍රකාශයේ බලය ලිහිල් වෙමින් පවතින බැවින් COVID-19 හි මහජන සෞඛ්‍ය අවදානම් වලින් තම පුරවැසියන් ආරක්ෂා කිරීමට ACT රජයට මෙය ඉඩ සලසයි.

සම්මත කරන ලද වෙනස්කම් මගින් COVID-19 සඳහා අඛණ්ඩ සමානුපාතික සහ විනිවිද පෙනෙන මහජන සෞඛ්‍ය ප්‍රතිචාරයක් ලබා ගත හැකි වනු ඇති බව ACT සෞඛ්‍ය අමාත්‍ය Rachel Stephen-Smith පැවසුවාය. වත්මන් මහජන සෞඛ්‍ය හදිසි ප්‍රකාශය 2022 අගෝස්තු 11 වන විට සමාලෝචනය කිරීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now