COVID 19 update 27 June: ඔස්ට්‍රේලියාවේ පළමු කොවිඩ් රැළි තුනෙන් ඩෙල්ටා මාරාන්තික බව හෙළිවෙයි

2022 ජුනි 27 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

NSW Ambulances park in the receiving bay for the Emergency Department at the Liverpool Hospital in Sydney, Wednesday, September 8, 2021. Medical experts are concerned that hospital emergency departments in NSW will face almost five times the number of COV

New South Wales, Queensland and the Australian Capital Territory have been seeing a rise in hospitalisations since the beginning of this month. (file) Source: AAP Image/Bianca De Marchi

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 18 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 11 ක් ද, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 06 ක්ද ඊට ඇතුලත්වේ. බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මීට පෙර සිදුවූ කොවිඩ් මරණ 05 ක්ද වාර්තා විය.

Australian Capital Territory හි රෝහල් ගතවු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 119 ක් ලෙසට වාර්තා වන අතර 2020 ජනවාරි මාසයේ කොවිඩ් වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ACT හි වැඩිම රෝහල්ගත් වීම් සංඛ්‍යාව ලෙස ද එය වාර්තා වේ.

මේ අතර නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල මේ මස මුල සිට කොවිඩ් රෝගීන් රෝහල් ගතවන සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
ඔස්ට්‍රේලියාව ICU හි COVID-19 සහිත පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන බවත් පෙර කොවිඩ් රැළි දෙකට සාපේක්ෂව 2021 ජුනි සහ නොවැම්බර් අතර තුන්වන හෝ ඩෙල්ටා කොවිඩ් රැල්ලේ දී මිය ගිය බවත් Monash විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් පවසයි.

කොවිඩ් රැළි තුන හරහා රෝගීන්ගේ මධ්‍යන වයස අඩු වන බව ඔවුහු සොයා ගත්හ. වයස අවුරුදු 60 සහ ඊට වැඩි අයට වඩා සැලකිය යුතු තර්ජනයක් වූ පෙර ප්‍රභේදවලට වඩා ඩෙල්ටා ප්‍රභේදය තරුණ පුද්ගලයින් තුළ දරුණු රෝග ඇති කිරීමට ඉඩ ඇති බව එහිදී පෙනී ගොස් ඇත.

Omicron ප්‍රභේදයේ උප ප්‍රභේද දෙකක් වන BA.4 සහ BA.5 හි අංශු ප්‍රාන්තය පුරා මෙට්‍රෝ සහ ප්‍රාදේශීය අපජලයේ ඉහළ ගොස් ඇති බව වික්ටෝරියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී Brett Sutton පැවසුවේය.

නැවත ආසාදනය වීම සහ රෝහල් ගතවීම් ඇතුළු රෝගීන් වැඩි වීමක් අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

පෙර COVID-19 ආසාදනයෙන් සහ එන්නත් කිරීමෙන් ප්‍රතිශක්තිය මග හැරීමට BA.4 සහ BA.5 BA.2 ට වඩා වැඩි හැකියාවන් ඇති බව ඔහු සඳහන් කළේය.

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
COVID 19 update 27 June: ඔස්ට්‍රේලියාවේ පළමු කොවිඩ් රැළි තුනෙන් ඩෙල්ටා මාරාන්තික බව හෙළිවෙයි | SBS Sinhala